1939 Hotline
  1. Home
  2. /
  3. දැනුම්දීම

දැනුම්දීම

 

දීප ව්‍යාප්ත පාසල් තරගාවලිය

ලෝක ජල දිනය 2024

එක්සත් ජාතීන්ගේ සංවිධානය 1993 වසරේදී ලෝක ජල දිනය ප්‍රකාශයට පත් කිරීමත් සමග සෑම වසරකම මාර්තු 22 දින ලොව පුරා ලෝක ජල දිනය සැමරීම සිදු කරයි. ලෝක ජනගහන වර්ධන වේගයට සාපේක්ෂව මිනිස් අවශ්‍යතාවයන් වර්ධනය වෙද්දී ඔවුන්ගේ අනාගත පැවැත්මට ජලය තීරණාත්මක සාධකයක් බවට පත්වන්නේය.

වසර 2025 වන විට ලෝක ජනගහනයෙන් 40%ක් පමණ පිරිසිදු පානීය ජලය හිගකමින් පීඩා විදිනු ඇත. මෙම යථාර්ථය හොදින් අවබෝධ කරගෙන සිටින ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අරමුණ වී ඇත්තේ නළ ජලයේ වටිනාකම, ජල සංරක්ෂණය හා ජල අර්බුදය වළක්වා ගැනීම යන කරුණු පිළිබද පාසල් දරුවන් දැනුවත් කිරීම හා ඒ සදහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමයි.

මෙවර 2024 ලෝක ජල දින සැමරුම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමු වී ඇත්තේ “සාමය සදහා ජලය තීරණාත්මකයි” යන මැයෙනි.

පාසල් තරග සදහා තේමාව – “සාමය සඳහා ජලය”

• රචනා තරගය
නිර්මාණ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍යවලින් ඉදිරිපත් කළ හැකි අතර වචන 350ට නොවැඩි විය යුතුයි. කනිෂ්ඨ හා ජේ‍්‍යෂ්ඨ අංශ ලෙස ඉදිරිපත් විය හැක.

• චිත්‍ර තරගය
නිර්මාණ 17” x 23” ප්‍රමාණයට සැලසුම් කළ යුතුයි. ඕනෑම වර්ණ මාධ්‍යයක් භාවිත කළ හැකිය. කනිෂ්ඨ හා ජේ‍්‍යෂ්ඨ අංශ ලෙස ඉදිරිපත් විය හැක.

• තරග කොන්දේසි
1 වසර සිට 8 වසර දක්වා කනිෂ්ඨ අංශය ලෙසත් 9 වසර හා ඉන් ඉහළ ජේ‍්‍යෂ්ඨ අංශය ලෙසත් සැලකේ. තරග විනිශ්චය කරනු ලබන්නේ අදාළ විෂය සම්බන්ධ ප්‍රවීණයන් වන අතර විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.

• ත්‍යාග (රචනා හා චිත්‍ර තරගය)
ප්‍රථම ස්ථානය – රු. 10,000 ත්‍යාග සමඟ සහතිකය
දෙවන ස්ථානය – රු. 7,500 ත්‍යාග සමඟ සහතිකය
තෙවන ස්ථානය – රු. 5,000 ත්‍යාග සමඟ සහතිකය

එක් කාණ්ඩයේ හොඳම තරඟකරුවන් 10 දෙනාට සහතිකපත් ප්‍රදානය කෙරේ.

අයදුම්පත බාගත කිරීම ⬇️

• නිර්මාණ භාරගැනීම
2024 පෙබරවාරි මස 28 දිනට පෙර පහත ලිපිනයට යොමු කළ යුතුයි.

සාමූහික සන්නිවේදන අංශය
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
තැ.පෙ. අංකය 14, ගාලු පාර, රත්මලාන
විමසීම් – 0112635254