ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ බටහිර උතුර නව නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ලෙස ඉංජිනේරු එන්.යු.කේ.රණතුංග මහතා සිය පත්වීමේ ලිපිය සාමාන්‍යධිකාරී ඉංජිනේරු තිළින විජේතුංග මහතාගේ සුරතින් ලබාදීම 2020.11.04 දින කඩවත ප්‍රාදේශීය සහය සේවා මධ්‍යස්ථාන කාර්යාලයේදී සිදුවිනි.
රණතුංග මහතා ජල සම්පාදන මණ්ඩලයේ විවිධ උසස් තනතුරු වල රාජකාරී කර ඇති අතර ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්යක්ෂ ලෙසද තවදුරටත් රාජකාරී කරනු ඇත.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, උප සභාපති නිමල් රණවක, සාමාන්‍යධිකාරී ඉංජිනේරු තිළින විජේතුංග,අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික, හිටපු නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ප්රතිරාජ රාමවික්‍රම යන මහත්වරු ඇතුලු ජල සම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරීන් හා කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක් වූහ.