2021 ලෝක ජල දිනය නිමිත්තෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජල සුරක්ෂිතතාවය වෙනුවෙන් ජල පෝෂක ප්‍රදේශ ආවරණය කරන “ජල දින රුක්රෝපණ වැඩසටහන” ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබුගම ජල පවිත්රාගාර පරිශ්‍රයේදී 2021.03.29 දින පැවැත්විණි.
මෙහිදී කැලණි ගඟ ආශිත ජල පෝෂක ප්‍රදේශවල ආරක්ෂාව සඳහා සේදවත්තේ සිට අවිස්සාවේල්ල දක්වා හා ලබුගම, කලටුවාව ජලාශය ආශිත ජල පෝෂක ප්‍රදේශවල කුඹුක් පැල, මී පැල, පලතුරු පැල 2300 ක් රෝපණය කරන ලදි.
සීතාවක, පාදුක්ක ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ නියෝජ්‍ය සභාපති නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් අචාර්ය ඉංජිනේරු ප්‍රියත් බි. වික්‍රම, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, සාමාන්‍යධිකාරී ඉංජිනේරු තිලිණ විජේතුංග, ගරු අමාත්‍යතුමාගේ සම්බන්ධිකරණ ලේකම් ජි.වි.ඩි. තිලකසිරි යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය. Click here for Ministers Voice.... and
Click here for Video....
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|