ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නොච්චියාගම දුණුපොතගම සුහඳ ප්‍රජාමූල සංවිධානයේ ප්‍රති ආස්‍රැත ජල පෙරණ පද්ධතිය ජනතා අයිතියට පත් කිරීම අද දින සිදු කරන ලදි.
මෙම අවස්ථාවට ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් සහ ජල සම්පාදන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි මංගලිකා මහත්මිය, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුගත් රත්නායක, අමාත්‍යතුමාගේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරන ලේකම් නානායක්කාර යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක් විය.