2025 සැමට ජලය වැඩපිළිවෙළ යටතේ ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ මගපෙන්වීම අනුව කිරිඇල්ල ජල සම්පාදන ක්‍රමය තුළින් කිරිඇල්ල සිට ඇල්ල දේවාලය දක්වා ජල සම්පාදනය ආරම්භ කිරීම 2021.12.30 දින සිදුවිණි.
රුපියල් මිලියන 179.23 ක වියදමින් කිලෝමීටර් 8ක දුරක් ජල නල එලීම සිදුකරන අතර එමගින් පවුල් 700 කට ප්රතිලාභ හිමිවේ.
මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී නමින්ද අනුරප්‍රිය, ජල සම්පාදන මණ්ඩලයේ උප සභාපති නිමල් ආර්. රණවක, ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සරත් ආර්. රණසිංහ, ගරු අමාත්‍යතුමගේ උපදේශක සඳක ගුණසේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සඹරගමුව ලසන්ත යන මහත්වරු ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගී විය.
|
|
|
|