2021 – 2024 සනීපාරක්ෂාකව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ සමුළුව
2021 – 2024 කාලය සඳහා ශ්‍රී ලංකා ජන සමාජයට අවැසි සනීපාරක්ෂාව පිළිබඳ තිරසාර ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ වැඩමුළුවක් 2021 ජනවාරි මස 05 වන දින වොටර්ස් එජ් හෝටල් ( Waters Edge Hotel) පරිශ්‍රයේදී සිදු විය.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන පවත්වන ලද්දේ ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් ඉන්ජිනේරු ආචාර්ය ප්‍රියත් බන්දු මහතා, ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා, උපසභාපති නිමල් ආර්. රණවක මහතා, මණ්ඩලයේ සමාන්‍යාධිකාරි ඉංජිනේරු තිළිණ විජේතුංග මහතා ඇතුළු මණ්ඩලයේ ප්‍රවීන වෘත්තීයවේදීන් රැසක් මෙම වැඩසටහනට සක්‍රීය ලෙස සහභාගි විය. Click here for Video
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
![]() |
![]() |
![]() |
![]() |
ජල සම්පාදන අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතනයන්හි මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම
ජල සම්පාදන අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතනයන්හි මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ හා රාජ්‍ය අමාත්‍ය ගරු සනත් නිශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.01.04 දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විනි.
ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, අතිරේක ලේකම් පාලිත වීරසිංහ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, උප සභාපති නිතීඥ නිමල් රණවක, සාමාන්‍යධිකාරී ඉංජිනේරු තිළින විජේතුංග,අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සරත් රණසිංහ, සම්බන්ධිකරණ ලේකම් ඩි.වි.ඩි. තිලකසිරි, උපදේශක සඳක ගුණසේකර, මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජයතිලක හේරත් යන මහත්වරු ඇතුලු නිලධාරීන් මෙම අවස්ථාවට එක් වූහ.
for Video Click here....
|
|
|
|
|
|
|
|
ජල සම්පාදන අමාත්‍යාංශය 2021 නව වසරේ සුබ හොරාවෙන් රාජකාරී කටයුතු ආරම්භ කල වගයි.
ජල සම්පාදන අමාත්‍යාංශය 2021 නව වසරේ සුබ හොරාවෙන් රාජකාරී කටයුතු ආරම්භ කිරීම ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.01.01 දින බත්තරමුල්ල, පැලවත්ත පිහිටි එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුවිය.
ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, රාජ්‍ය ලේකම් එස්.ජි. විජයබන්දු, අතිරේක ලේකම්වරුන් වන පාලිත වීරසිංහ, ඒ.සි.එම්. නෆීල්, අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සරත් රණසිංහ, සම්බන්ධිකරණ ලේකම් ඩි.වි.ඩි. තිලකසිරි, උපදේශක සඳක ගුණසේකර, මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික යන මහත්වරු ඇතුලු ජල සම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීන් හා කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක් වූහ.
for Video Click here....
|
|
|
|
|
|
Write comment (0 Comments)
2021 නව වසරේ සුභමොහොත් වැඩ ඇරභීම...
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය 2021 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.01.01 දින රත්මලාන පිහිටි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදුවිය.
නව වසරේ උදාව ඉලක්කගත සංවර්ධන සැලසුම් යථාර්ථයක් බවට පත් කිරීම රාජ්‍ය සේවයේ ප්‍රමුකතම කාර්යයයි. මෙහිදී නව වසරේ රාජකාරී අරඹමින් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයත් ජල සම්පාදන අමාත්‍යාංශය එක්ව නව ජල සම්බන්ධතා ලක්ෂ 04 ක් 2021 වසර අවසානය වනවිට ලබාදීමට ප්‍රතිඥා දෙන ලදී. මෙතුලින් විසිලක්ෂයකට අදික ජනතාවකට සෞඛ්යාරක්ෂිත පානීය ජලය හිමිවනු ඇත.
මෙම සමාරම්භක අවස්ථාවට ජලසම්පාදන ගරු අමාත්‍ය වාසුදේව නානයක්කාර මැතිතුමා, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු, ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා, මණ්ඩලයේ සභාපති, නිශාන්ත රණතුංග මහතා, උප සභාපති, නිමල් ආර් රණවක මහතා, සාමාන්‍යාධිකාරි ඉංජිනේරු තිළිණ විජේතුංග ඇතුලු මණ්ඩලයේ නිළධාරින් රැසක් සහභාගී විය.
for Video Click here....
|
|
|
|
|
|
|
|
|
|