ජල සම්පාදන අමාත්‍යාංශයෙන් දීප ව්‍යාප්ත වගා සංග්රම වැඩපිළිවෙළක්
ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන, සංවිධාන සහ සේවක පිරිස් ඒකරාශි කර ගනිමින් දීප ව්‍යාප්ත බෝග වගා වැඩපිළිවෙළක් ජල සම්පාදන අමාත්‍යාංයේ ලේකම් මොන්ටිරණතුංග මහතාගේ උපදෙස් මත ආරම්භ කර ඇත.
ඉදිරියේ රට තුළ ඇති විය හැකි ආහාර අර්බුදයට පිළියමක් ලෙස ආරම්භ කර ඇති මෙම වගා වැඩපිළිවෙළ දිවයින පුරා පිහිටා ඇති ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල කාර්යාල, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ කාර්යාලය සහ ජල සම්පත් මණ්ඩලයේ කාර්යාලයන් හි මෙහෙයවීමෙන් ආරම්භ කර ඇත.
මෙම වැඩපිළිවෙල යටතේ ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ කාර්යාල පරිශ්‍ර, ව්‍යාපෘති ආශ්රිත ඉඩම් කොටස් ජල පවිත්රාගාර, ජල කුළුණු, පිරිපහදු මධ්‍යස්ථාන ආශ්රිත බිම් කොටස් මෙම වගා සංග්රාම කටයුතු සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති අතර ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ සියලු කාර්යාල පරිශ්‍ර ආශ්රිත බිම් කොටස් මෙන්ම තුන් දහසක් පමණ වන ප්‍රජා මූල සංවිධානයන්හි සාමාජික පිරිස් දස දහස් ගණනකගේ සහභාගිත්වයෙන් යුතුව මෙම වගා සංග්රාම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙයට අමතරව ජල සම්පත් මණ්ඩලය දිස්ත්‍රික් කාර්යාල පද්ධතිය ද මේ සඳහා යොදාගෙන ඇති අතර බත්තරමුල්ල පැලවත්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී ද වගා කටයුතු සඳහා යොදාගත හැකි සියලු බිම් කොටස් මේ යටතේ ආවරණය කෙරේ.
ජල සම්පාදන අමාත්‍යාංශය මගින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩපිළිවෙළේ විශේෂත්වය වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ අධීක්ෂණය සහ උපදෙස් මත මෙම ක්‍රියාවලිය සිදු වීම සහ පැල බීජ පොහොර ඇතුළු අනෙකුත් සියළුම යෙදවීම් සඳහා රාජ්‍ය මුදල් භාවිතා නොකොට ස්වෙච්ඡාවෙන් සේවක පිරිස් මැදිහත් වීමෙන් සිදුකර ගැනීමයි.
සෑම ආයතනයක්ම ආශ්‍රිතවම මෙම කටයුතු මෙහෙයවීම විධායක නිලධාරිවරයකුගේ අධික්ෂණය යටතේ සිදුකරන අතර මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ මෙහෙයුම් කාර්යාලයක්ද ක්‍රියාත්මක කෙරේ.
මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර
අධ්යක්ෂ මාධ්‍ය
ජල සම්පාදන අමාත්‍යාංශය
0716845668
කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යතුමා ජල සම්පාදන අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කරයි.
ජල සම්පාදන අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (මැයි 24) දින බත්තරමුල්ල, පැලවත්ත ජල සම්පාදන අමාත්‍යාංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
ජල සම්පාදන අමාත්‍යංශයේ ප්‍රධානතම ව්‍යාපෘතිය වන වර්ෂ 2025 දී සැමට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යමින් එම ඉලක්කය සපුරා ගැනීම තම අරමුණ බව පැවසූ නව අමාත්‍යතුමන් කුමන බාධක ගැටලු හමුවේ වුවද මහජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම අඛණ්ඩව සිදු කිරීමට අමාත්‍යංශය යටතේ ඇති සියලු ආයතන හා එක්ව සියලු දෙනාගේම සහයෝගය, උනන්දුව සහ කැපවීම මත කටයුතු කරන බවද කියා සිටියේය.
ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එච්.කරුණාරත්න, අතිරේක ලේකම්වරුන් වන පී.හේවගේ, ඒ.සී.එම්. නෆීල්, එච්.සී.ජේ.තිලකරත්න, ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජයතිලක හේරත් ඇතුලු අමාත්‍යංශ නිළධාරීන් මෙම අවස්ථාවට එක්විය.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අවබෝධතා ගිවිසුමක්.
මෙම අවස්ථාවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීතුමා තිළිණ එස්. විජේතුංග, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) ජී.ඒ. පියල් පත්මනාත සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් ද එක්වීය.
මින් ඉදිරියට ජල බිල්පතෙහි ගිණුම් අංකය තමා සන්තකයෙහි නොමැති අවස්ථාවක දී ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කිරීමෙන් ජල සම්පාදන පාරිභෝගිකයින්ට මණ්ඩලයේ ඕනෑම සේවාවක් පහසුවෙන් ඉෂ්ට කර ගත හැකි වීම මෙහි විශේෂත්වයයි.
![]() |
|
Write comment (0 Comments)
ජල මනු ලංකාවේදීම හදන්න ජල ඇමති තීන්දු කරයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ලබාදෙන ජල සම්බන්ධතා වෙනුවෙන් සවි කරනු ලබන ජල මනු (ජල මීටර්) මින් ඉදිරියට ජල සම්පාදන මණ්ඩලයේ නඩත්තු සහ කාර්මික ඒකකය මගින් නිෂ්පාදනය කිරීමට කටයුතු කරන ලෙස ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජල සම්පාදන මණ්ඩලය වෙත උපදෙස් ලබා දී ඇත.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රත්මලාන මධ්‍යම යන්ත්‍රාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙම උපදෙස් ලබා දෙන ලදී.
සාමාන්‍ය නිවෙස් හා ආයතන වෙත ලබාදී ඇති ජල මනු (ජල මීටර්) ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බොහෝවිට එක් වසරකදී අක්‍රිය තත්වයට සහ විවිධ හේතූන් නිසා හානි වන අවස්ථා දැකගත හැකි වේ.
මෙවන් අවස්ථාවන් හිදී මෙම ජල මනු නැවත නිසි පරිදි අලුත් වැඩියා කිරීමට හැකියාව තිබියදීත් විදේශයන් මගින් ආනයනය කරන නව ජල මනුව සවිකිරීම බොහෝ විට සිදු කෙරේ.
මෙම තත්ත්වය වහාම නතර කරන ලෙසත් අවශ්‍ය උපාංග හැකිතරම් දේශිය වශයෙන් සපයාගෙන අපගේ කාර්මික ශිල්පීන් ලවා අලුත් වැඩියා කර භාවිතයට යොදවා ගන්නා ලෙසට අමාත්‍යතුමා දැනුම් දී සිටියේ ය.
මේ සම්බන්ධයෙන් කාර්මික ශිල්පීන් දැඩි සතුටකට සහ ඔවුන්ගේ ප්‍රසාදය ඉහළින්ම පළ කර අතර මෙසේ හැකියාව තිබියදීත් අපගේ විදේශ විනිමය වැය කරමින් මෙසේ නව ජල මනු ආනයනය කිරීම අපරාධයක් බව ද කියා සිටියේය.
ඉදිරියේදී නව ජල මනු ද ශ්‍රී ලංකාව තුලම නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙසට ද අමාත්‍යතුමන් අදාල බලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදී.
ජල සම්පාදන අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්මික හා ඉංජිනේරු අංශයේ අතිරේක සාමාන්‍යධිකාරී එස්.ජි.ජි. රාජ්කුමාර්, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ටි.එම්.ඩබ්ලිව්. සුනිල් බණ්ඩාර, සහකාර සාමාන්‍යධිකාරී ඊ.එම්.කේ. ඒකනායක යන නිලධාරීන් ඇතුලු වෘත්තීය සිමිති නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී විය.
Write comment (0 Comments)
Application for Plumbers Refresher Course
Sinhala | |
Leaflet - Sinhala | Click here.... |
Application Form | Click here.... |
Instructions - Sinhala | Click here.... |
Tamil | |
Leaflet - Tamil | Click here.... |
Application Form | Click here.... |
Instructions - Tamil | Click here.... |
Refresher Course for Plumbers
Application Form | Click here.... |
Instructions - Sinhala | Click here.... |
Instructions - Tamil | Click here.... |
Leaflet - Sinhala | Click here.... |
Leaflet - Tamil | Click here.... |
Supplier Registration Eng. & Sin.
Supplier Registration English Version Click here...
Supplier Registration Sinhala Version Click here...
Write comment (0 Comments)Loan Agreement Signed…
Loan Agreement (Amended) Signed by the Chairman & Vice chairman of National Water Supply& Drainage Board with the China Development Bank on Extension of Loan agreement of Katana Water Supply Project of & Thambuthegama Water Supply project on 26th August 2020 (Amendment 1 of 4510201701100001265 & Contract No: Amendment 1 of 4510201701100001265)
Water Safety Plan Advocacy workshop on 29th of July 2020 at the Water’s Edge Hotel
Water Safety Plan Advisory Unit and WSP Unit, Development Section of NWSDB organized a Water Safety Plan Advocacy workshop on 29th of July 2020 at the Water’s Edge Hotel to share the External Formal auditing outcomes and to convey the way forward of WSP proceedings to the management. The event was glamour with the publication launch of Water Safety Plan country report on ‘A journey toward safe drinking water for all ‘. The report showcases the outcomes of WSP journey in Sri Lanka.
The secretary, Dr. Piyathbandu Wickrama to the Ministry of Urban Development, Water Supply & Housing Facilities, WHO representatives as the funding agency for the External Formal Audits and the Advocacy programme, chairman Mr. Nishantha Ranathunga of NWSDB, the Institution of Engineers Sri Lanka (IESL) providing auditors for External formal audits, members of the WSP teams of all RSCs participated and shared the knowledge at this session.
NWSDB intends to consider allocating sufficient budget and action plan in their annual Implementation Plan to execute the work related to WSP operations in 2020 /2021.