පානීය ජල සංරක්ෂණය පිළිබඳව මහජනතාවගේ යහපත් ආකල්ප වර්ධනයට උපාධිධාරි සංවර්ධන නිලධාරින්ගේ දායකත්වය ලබා ගැනීමේ අරමුණෙන් සංවිධානය කළ පානීය ජල සංරක්ෂණය පිළිබඳ වැඩමුළුවේ තෙවන අධියර 2020 අගෝස්තු මස 28 වනදා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ගරු ප්‍රාදේශීය ලේකම්තුමියගේ ආරාධනයෙන් පැවැත්විනි.

මෙම වැඩමුළුව සඳහා සම්පත් දායක දේශකයින් ලෙස ජ්‍යෙෂ්ඨ සාමූහික සන්නිවේදන නිලධාරි හේමන්ත අබේකෝන් මහතා සහ ජ්‍යෙෂ්ඨ රසඥ රෝහිත පුෂ්පකුමාර මහතා සහභාගි වූ අතර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ සාමූහික සන්නිවේදන අංශය විසින් වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.

   
   
Write comment (0 Comments)

Loan Agreement (Amended) Signed by the Chairman & Vice chairman of National Water Supply& Drainage Board with the China Development Bank on Extension of Loan agreement of Katana Water Supply Project of & Thambuthegama Water Supply project on 26th August 2020 (Amendment 1 of 4510201701100001265 & Contract No: Amendment 1 of 4510201701100001265)

 

   
   
Write comment (0 Comments)

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය තනතුරේ වැඩ භාර ගැනීමේ අවස්ථාව පැලවත්ත, බත්තරමුල්ලේ පිහිටි ජල සම්පාදන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද 13 වනදා පෙ.ව 9.45 ට යෙදුන සුභ මොහොතින් සිදු විය.


Write comment (0 Comments)

කොළඹ නගරයේ උස්බිම් සහිත ප්‍රදේශවලට ජල සැපයුම පිළිබඳව මතුව ඇති ගැටලුව මනා ලෙස අවබෝධ කර ගත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ වත්මන් ගරු අග්‍රාමාත්‍ය සහ නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් පිළිබඳ අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සෘජු අධීක්ෂණය සහ උපදෙස් මත මෙතෙක් කලක් මෙම ගැටලුව ප්‍රබල ලෙස මුහුණදුන් වේල්ලවීදිය, විවේකානන්ද හිල්, සෙන්ට්‍රල් පාර, ලාපියා මාවත, එම්. ජී. එම්. මාවත මිරානියි පාර, ජින්තුපිටිය සහ අලුත්කඩේ ප්‍රදේශවල ජල සම්බන්ධතා 10250 ක් පමණ වැඩිදියුණු කළ නව ජලනල පද්ධතියට සම්බන්ධ කිරීමේ කටයුතු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතාගේ සුරතින් 2020 ජුලී 31 වන දින සිදු කරන ලදී.

මේ නිසා කලක් අඩුපීඩන තත්ත්වය නිසා දිනකට පැය 04 ක කාලයක් පමණක් සීමාවී තිබූ ජල සැපයුම පැය 24 පුරාම අඛණ්ඩ ජල සැපයුමක් මේ ප්‍රදේශවල ජීවත් වන 30,000 ක් පමණ ජනතාවකට භුක්ති විදීමේ හැකියාවක් උදාවෙනු ඇත.

මෙම උත්සවය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි ක්‍රිශාන්ත ප්‍රනාන්දු, අතිරේක සාමාන්‍යාධිකාරි සුනිත් පෙරේරා, ව්‍යාපෘති අධ්‍යක්ෂ එස්. ඒ. රෂීඩ්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කේ. පී. ආර්. එස්. සමරසිංහ යන මහත්වරුන් සහ මණ්ඩලයේ අනෙකුත් නිලධාරීන් මෙම උත්සව අවස්ථාවට සම්බන්ධ විය.

 

Write comment (0 Comments)

 

 

Write comment (0 Comments)

Water Safety Plan Advisory Unit and WSP Unit, Development Section of NWSDB organized a Water Safety Plan Advocacy workshop on 29th of July 2020 at the Water’s Edge Hotel to share the External Formal auditing outcomes and to convey the way forward of WSP proceedings to the management. The event was glamour with the publication launch of Water Safety Plan country report on ‘A journey toward safe drinking water for all ‘. The report showcases the outcomes of WSP journey in Sri Lanka.

The secretary, Dr. Piyathbandu Wickrama to the Ministry of Urban Development, Water Supply & Housing Facilities, WHO representatives as the funding agency for the External Formal Audits and the Advocacy programme, chairman Mr. Nishantha Ranathunga of NWSDB, the Institution of Engineers Sri Lanka (IESL) providing auditors for External formal audits, members of the WSP teams of all RSCs participated and shared the knowledge at this session.

NWSDB intends to consider allocating sufficient budget and action plan in their annual Implementation Plan to execute the work related to WSP operations in 2020 /2021. 

 
Write comment (0 Comments)
 
Write comment (0 Comments)

පානීය ජල සංරක්ෂණය පිළිබඳව මහජනතාවගේ යහපත් ආකල්ප වර්ධනයට උපාධිධාරි සංවර්ධන නිලධාරින්ගේ දායකත්වය ලබා ගැනීමේ අරමුණෙන් සංවිධානය කළ පානීය ජල සංරක්ෂණය පිළිබඳ වැඩමුළුවක් 2020 ජූලි මස 09 වනදා මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ගරු ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. පී. ප්‍රසාද් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙම වැඩමුළුව සඳහා සම්පත් දායක දේශකයින් ලෙස සාමූහික සන්නිවේදන කළමනාකරු සරත්චන්ද්‍ර මුතුබණ්ඩා මහතා, ජ්‍යෙෂ්ඨ සාමූහික සන්නිවේදන නිලධාරි හේමන්ත අබේකෝන් මහතා සහ ජ්‍යෙෂ්ඨ රසඥ රෝහිත පුෂ්පකුමාර මහතා සහභාගි වූ අතර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ සාමූහික සන්නිවේදන අංශය විසින් වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.

 
Write comment (0 Comments)

නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මහා පරිමාන ජල සම්පාදන හා අපජල ව්‍යාපෘතිවලට අදාල ජාතික මෙහෙයුම් කමිටු රැස්වීම අමාත්‍යාංශයේ ලේකම් අචාර්ය ප්‍රියත් බන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජල සම්පාදන අමාත්‍යාංශ පරිශ්‍රයේදී 2020.06.30 දින පැවැත්විණි.

මෙහිදී ගම්පහ අත්තනගල්ල මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය, කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය, තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය, චින ශ්‍රී ලංකා පර්යේෂණ ප්‍රදාන ව්‍යාපෘතිය සහ මහනුවර නගර අපජල කළමනාකරණ ව්‍යාපෘතිය පිළිබද ප්‍රගතිය සහ ඒවායෙහි ගැටලු සාකච්ඡා කල අතර, අමාත්‍යාංශ ලේකම් අචාර්ය ප්‍රියත් බන්දු මහතා විසින් ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය පියවර රැසක් ගන්නා ලදි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා, සාමාන්‍යධිකාරී ඇතුලු නිලධාරීන් ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන්, මුදල් අමාත්‍යාංශ, මාර්ග සංවර්ධන අධිකාරිය, වාරි මාර්ග අමාත්‍යාංශය, ඉඩම් අමාත්‍යශෙය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශවල නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

Click here for Video....

 
 
 
   
   
   

 

Write comment (0 Comments)

Click here for Vedio...

 

{facebook}https://www.facebook.com/newslk/videos/289399995538012/{/facebook}

Write comment (0 Comments)