පානීය ජලයේ ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීම වර්තමානයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන බරපතල ගැටළුවක් වන බවත්, ගංඟා ඇතුළු ප්‍රධාන ජල මාර්ග වෙත අපද්‍රව්‍ය බැහැරලීමත්, වගා කටයුතු සඳහා යොදන රසායනික පොහොර සහ රසායනික ද්‍රව්‍ය වැසි ජලය සමඟ මුසුවී ප්‍රධාන ජල මාර්ග වලට එක්වීමත් නිසා මේ වන විට භූගත ජලයේ ගුණාත්මකභාවය සීඝ්‍රයෙන් පහළ වැටී ඇති බවත් මේ නිසා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට මෙයින් බරපතල තර්ජනයක් එල්ල වී ඇති බවත් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

නාගරික ජල කළමනාකරණය පිළිබඳ කලාපීය මධ්‍යස්ථානයේ 12 වන වාර්ෂික පාලක මණ්ඩලයේ සමුළුව අමතමින් අමාත්‍යතුමා මෙම අදහස් ප්‍රකාශ කලේය.

නාගරික ජල කළමනාකරණය පිළිබඳ කලාපීය මධ්‍යස්ථානය (RCUWM) 2002 වර්ෂයේ සිට යුනෙස්කෝවේ අනුග්‍රහය යටතේ ඉරානයේ ටෙහෙරාන් නුවර ස්ථාපිත කර ඇත. අන්තර්ජාතික හා කලාපීය මට්ටමින් ධාරිතා වර්ධනය, දැනුම හුවමාරු කරගැනීම සහ පර්යේෂණ මඟින් ජලය සම්බන්ධ උපාය මාර්ගික ව්‍යාපෘ‍තීන් සඳහා මෙම සංවිධානය දායක වේ.

පවත්නා ගිවිසුමට අනුව ඉහළ මට්ටමේ තීරණ ගැනීම පාලක මණ්ඩලය සතු වන අතර මෙවර සභාපතීත්වය ඉරාන රාජ්‍ය වෙත හිමිව ඇත. ඇෆ්ගනිස්ථානය, ආමේනියාව, බහරේන්, බංගලාදේශය, ඊජිප්තුව, ඉන්දියාව, ඉරාකය, කුවේට්, ලෙබනනය, ඕමානය, පකිස්ථානය, සිරියාව, ටජිකිස්ථානය, අසර්බයිජානය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, තුර්කිය සහ ශ්‍රී ලංකාව යන රටවල් 19 ක ජල සම්පාදන සහ ජල සම්පත සුරක්ෂිත කිරීමේ වගකීම් භාර අමාත්‍යවරුන් සූම් තාක්ෂණය ඔස්සේ මෙම සමුළුව සඳහා එක්වීය.

මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා, වර්තමානයේ ජලය සඳහා දැඩි ඉල්ලුමක් පවතී. මේ අනුව ජලය භාවිතා කිරීමේ විවිධ වූ අංශයන් අතර මෙම තත්ත්වය හේතුවෙන් තරඟකාරීත්වයකට මගපෑදී ඇත. කෘෂිකාර්මික අවශ්‍යතාවන් ප්‍රමුඛ වාරිමාර්ග කටයුතු, කර්මාන්ත සහ ජල ආශ්‍රිත විවිධ වූ ව්‍යාපෘතීන් සහ වැඩසටහන් පානීය ජලයට අමතරව රට තුළ ක්‍රියාත්මක වීම මෙම තරඟකාරීත්වයට හේතු වී ඇත.

2025 වර්ෂය සම්පූර්ණ වන විට සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල යථාර්තයක් බවට පත්කරමින් රටපුරා පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය 100% කින් සපුරාලීමට මේ වන විට සියළු සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කරමින් පවතින බවද ජල සම්පාදන අමාත්‍යතුමා මෙම සමුළුව අමතා වැඩිදුරටත් පැහැදිලි කලේය. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විධිමත් සහ කාර්යක්ෂම ජල සම්පාදන වැඩපිළිවෙල ජාත්‍යන්තර නියෝජිතයින්ගේ විශේෂ ඇගයීමට සහ පැසසුමට ලක්වීය.  

   
Write comment (0 Comments)

මණ්ඩලීය ඉතිහාසයේ එක් දිනක් තුල ජල නල එලීම උදෙසා සේවක ප්‍රජා වැඩසටහන අදියර 2 තුලින් රුපියල් මිලියන 170 ක ඉතිරියක් හා ආදායමක් ලබා දෙන දැවැන්තම වැඩසටහන.

2025 වන විට සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් ජල සම්පාදන අමාත‍්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ උපදෙස් පරිදි එතුමාගේ මාධ්‍ය ලේකම්, ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ ලේකම්, විදුලි ඉංජිනේරු කේ.එච්. සංජීව ධම්මික මහතාගේ මැදිහත් වීමෙන් ජල නල එලීම උදෙසා සේවක ප්‍රජා වැඩසටහන අදියර 2 රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, කොළොන්න හා ඇඹිලිපිටිය ආසනයේ සිදුකිරීමට නියමිතය.

දිගු කාලයක සිට පිරිසිදු පානීය නල ජලය සපයා ගත නොහැකිව පීඩා විඳි කිරිඇල්ල, කුරුවිට, ගබ්බෙල, කොළොන්න හා සංඛපාල, ගුරුමඩයාය, ඇඹිලිපිටිය යායා 02 වසම, කොන්කටුව, නින්දගම්පැලැස්ස යන ගම්මානයන්හි ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජලය නල මාර්ගයෙන් ලබා දීමට අවශ්‍ය පියවර මේ වන විටත් ක්‍රියාත්මක වන අතර නව ජල සම්බන්ධතා ලබාදීම සඳහා අයදුම්පත්‍ර ලබා දීම හා ජනතාව දැනුවත් කිරීම ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික මහතා සමග රත්නපුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිලන්ති අමරකෝන් මහත්මිය, ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමීර රුක්ෂාන් මහතා, ගරු අමාත්‍යතුමාගේ කොළොන්න හා ඇඹිලිපිටිය ආසනයේ සම්බන්ධිකරණ නියෝජිතයින් වන ධම්මික මයාදුන්න මහතා හා බී.ගාමිණි කුලතුංග මහතා, ගාමිණී වීරසිංහ මහතා, ජි.එම්. ප්‍රියංගනීමහත්මිය යන අය අදාල ප්‍රදේශයන්හි පසුගියද‍ා නිරීක්ෂණ සංචාරයක යෙදිනි.

ගරු ජල සම්පාදන අමාත‍්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමා සැමට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා කරනු ලබන ප්‍රශස්ත වැඩ පිළිවෙළ ඇගයීමට ලක් කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ දිවයින පුරා සේවය කරනු ලබන කම්කරු සේවකයින් රජයේ නිවාඩු දිනකදීවැටුප සහ අතිකාල දීමනා නොමැතිව ස්වේච්ඡාවෙන්ම තම ශ්‍රම දායකත්වය මෙම වැඩසටහන සඳහා ලබා දීමට නියමිතයි.

මෙමඟින් එක් දිනක් තුලදී කුරුවිට, ගබ්බෙල, කොළොන්න හා සංඛපාල, ගුරුමඩයාය, ඇඹිලිපිටිය යායා 02 වසම, කොන්කටුව, නින්දගම්පැලැස්ස යන ගම්මානයන්හි ජනතාව වෙනුවෙන් පානීය ජලය ලබාදීම සඳහා කිලෝ මීටර් 50 ට ආසන්න දුරකට කාණු කපා ජල නල එලීම ජනතාවගේ ප්‍රජා දායකත්වය සහිතව ජල සම්පාදන මණ්ඩලයේ කම්කරු සේවයින් 250 කට ආසන්න පිරිසකගේ ස්වේච්ඡා ශ්‍රම දායකත්වය මගින් සිදු කරනු ලබයි.

ප්‍රජා දායකත්වය සහිතව ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් ස්වේච්ඡා ශ්‍රම දායකත්වය ලබාදී ජල නල එලීම තුලින් ජල සම්පාදන මණ්ඩලයට එක් දිනක් තුලදී රුපියල් මිලියන 150 ක ඉතිරියක් හා නව ජල සම්බන්ධනයන් ලබාදීම තුලින් රුපියල් මිලියන 20 ක ලාභයක් ලැබේ.

   

 

Write comment (0 Comments)

For More information Click here....

Write comment (0 Comments)

වැලිගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ආවරණය වන පරිදි වැලිගම ප්‍රදේශවාසීන් සඳහා පානීය ජලය ලබා දෙන ප්‍රධාන ජල පොම්පාගාරය වන කනංකේ ජල පොම්පාගාරය ඊයේ (13) වන දින ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පොල්වතුමෝදර ගඟ ආශ්‍රිතව ඇති වූ අධික ගංවතුර තත්ත්වය නිසා පොම්පාගාරයේ සියලු ජල නල අපද්‍රව්‍ය සිරවීම මත අක්‍රීය විය. මේ හේතුව නිසා වැලිගම ප්‍රදේශයේ ජල සැපයුම ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු අඩාළ වී ඇත.

මුස්ලිම් ජාතිකයින් වැඩි වශයෙන් ජීවත්වන වැලිගම නගරාසන්න ප්‍රදේශයන්හි මෙම ජල සැපයුම අඩාල වීම ඔවුන්ගේ රාමසාන් උපවාස නිම කිරීමේ උත්සව දිනයේ සිදුවීම එම භක්තිකයන් දැඩි අපහසුතාවයකට පත් වන්නට හේතු විය.

මේ අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වැලිගම ප්‍රාදේශීය ඉංජිනේරු සදුන් කුමරප්පෙරුම මහතා සහ ස්ථාන භාර නිලධාරී ගාමිණී හලල්ල මහතා ප්‍රධාන ජල සම්පාදන කාර්මික හා නඩත්තු සේවා කාර්ය මණ්ඩලය මාතර දිස්ත්‍රික් ජල සම්පාදන කළමනාකරු ඉංජිනේරු සමීර විතාන මහතාගේ උපදෙස් මත අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හමුවේ වුවද දැඩි පරිශ්‍රමයකින් මෙම සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කර ප්‍රධාන පොම්ප සියල්ල සහ නල මාර්ග යථා තත්ත්වයට පත්කර ගන්නා ලදී.

මෙහිදී ගාල්ල නාවික හමුදා කඳවුරේ කිමිදුම් බළකායේ නාවික සෙබළුන් හා නිලධාරීන්ගේද සුවිශේෂී වූ සහයෝගය මේ සඳහා හිමිවිය.

මුස්ලිම් ජාතිකයන්ගේ විශේෂිත ආගමික උත්සවයක් වූ රමසාන් උපවාස දිනය අවහිරයකින් තොරව පවත්වාගෙන යාමට සහ මෙම ආපදා සම්පන්න අවස්ථාවේ ප්‍රදේශවාසී සියලු ජනතාවට අපහසුතාවයකින් තොරව අවශ්‍ය ජල සැපයුම ලබා දීම සඳහා කැපවුණු සියලු නිලධාරීන්ට සහ සේවක මණ්ඩලයට ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය ප්‍රසාදය සහ විශේෂ ස්තූතිය පිරිනමන ලදී.

Write comment (0 Comments)

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමා ජල සම්පාදන මණ්ඩලය වෙනුවෙන් සහ මණ්ඩලයේ සමස්ත සේවකයින් වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රශස්ත වැඩ පිළිවෙළ ඇගයීමට ලක්කරමින්.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ වෘත්තීය සමිති මැදිහත් වීමෙන් දිවයින පුරා සේවය කරනු ලබන ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් ඉරිදා දිනයක්, දිනක වැටුප සහ අතිකාල දීමනා නොමැතිව, ස්වේච්චාවෙන් තම ශ්‍රමදායකත්වය ලබා දීමට කැමැත්ත ප්‍රකාශකොට ඇත.

එහි පලමු පියවර හැටියට ජල සම්පාදන මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාල වල යම්  හේතූන් මත මගහැරී ගිය හා අතපසු වූ කාර්යයන් එම සේවකයින් යොදවා සිදු කිරීමට 2021.04.25 වන ඉරිදා දිනයේදී කටයුතු කරයි.

එදිනම ජල සම්පාදන මණ්ඩලයේ රත්මලාන මධ්‍යම යන්ත්‍රාගාරයේ වාහන නඩත්තු අංශයේ සේවක මහතුන්ද මීට සමගාමීව වාහන නඩත්තු කටයුතු සඳහා ස්වේච්චාවෙන් තම ශ්‍රමදායකත්වය ලබා දීමට කටයුතු කරයි.

Click here for Video....

Write comment (0 Comments)

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ලබාදෙන ජල සම්බන්ධතා වෙනුවෙන් සවි කරනු ලබන ජල මනු (ජල මීටර්) මින් ඉදිරියට ජල සම්පාදන මණ්ඩලයේ නඩත්තු සහ කාර්මික ඒකකය මගින් නිෂ්පාදනය කිරීමට කටයුතු කරන ලෙස ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජල සම්පාදන මණ්ඩලය වෙත උපදෙස් ලබා දී ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රත්මලාන මධ්‍යම යන්ත්‍රාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙම උපදෙස් ලබා දෙන ලදී.

සාමාන්‍ය නිවෙස් හා ආයතන වෙත ලබාදී ඇති ජල මනු (ජල මීටර්) ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බොහෝවිට එක් වසරකදී අක්‍රිය තත්වයට සහ විවිධ හේතූන් නිසා හානි වන අවස්ථා දැකගත හැකි වේ.

මෙවන් අවස්ථාවන් හිදී මෙම ජල මනු නැවත නිසි පරිදි අලුත් වැඩියා කිරීමට හැකියාව තිබියදීත් විදේශයන් මගින් ආනයනය කරන නව ජල මනුව සවිකිරීම බොහෝ විට සිදු කෙරේ.

මෙම තත්ත්වය වහාම නතර කරන ලෙසත් අවශ්‍ය උපාංග හැකිතරම් දේශිය වශයෙන් සපයාගෙන අපගේ කාර්මික ශිල්පීන් ලවා අලුත් වැඩියා කර භාවිතයට යොදවා ගන්නා ලෙසට අමාත්‍යතුමා දැනුම් දී සිටියේ ය.

මේ සම්බන්ධයෙන් කාර්මික ශිල්පීන් දැඩි සතුටකට සහ ඔවුන්ගේ ප්‍රසාදය ඉහළින්ම පළ කර අතර මෙසේ හැකියාව තිබියදීත් අපගේ විදේශ විනිමය වැය කරමින් මෙසේ නව ජල මනු ආනයනය කිරීම  අපරාධයක් බව ද කියා සිටියේය.

ඉදිරියේදී නව ජල මනු ද ශ්‍රී ලංකාව තුලම නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙසට ද අමාත්‍යතුමන් අදාල බලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදී.

ජල සම්පාදන අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්මික හා ඉංජිනේරු අංශයේ අතිරේක සාමාන්‍යධිකාරී එස්.ජි.ජි. රාජ්කුමාර්, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ටි.එම්.ඩබ්ලිව්. සුනිල් බණ්ඩාර, සහකාර සාමාන්‍යධිකාරී ඊ.එම්.කේ. ඒකනායක යන නිලධාරීන් ඇතුලු වෘත්තීය සිමිති නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී විය.

 



 

Write comment (0 Comments)

දීර් ග කාලයක සිට පිරිසිදු පානීය ජලය සපුරා ගත නොහැකිව පීඩා විඳි කුරුණෑගල දිස්ත්‍රික්කයේ,ගිරිබාව,හෙට්ටිආරච්චිගම ප්‍රදේශවාසී ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ජල ගැටලුවට විසඳුම් ලබා දීමේ අරමුණින් ජල සම්පාදන අමාත්‍යාංශයේ මිලියන 25.7ක වියදමින් ප්‍රතිලාභී පවුල් 300ක් සඳහා ඉදි කරනු ලැබූ ගිරිබාව, හෙට්ටිආරච්චිගම ග්‍රාමීය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීම ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මහතාගේ සුරතින් 2021.04.12 දින ගිරිබාව හෙට්ටිආරච්චිගම දී සිදු කරන ලදී.

එම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පසු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, ගල්ගමුව ආසනයේ සංවර්ධන කමිටුවේ සභාපති අසංක නවරත්න, ජල සම්පාදන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ඩී.වී.ඩී තිලකසිරි, මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික, වයඹ පළාත් සම්බන්ධීකරණ ලේකම් ජනබන්දු සේනානායක, ගිරිබාව ප්‍රාදේශීය සභාපති ඊ.එම්. ආනන්ද රූපසිංහ, ජල සම්පාදන මණ්ඩලය වයඹ පළාත් නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ඉංජි. වජිර විජේරත්න, ජල සම්පාදන මණ්ඩලය වයඹ පළාත් සහකාර සමාන්‍යාධිකාරී ඉංජි.වසන්ත දේශප්‍රිය යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර රටපුරා පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් රැකියා හා ආදායම් මාර්ග අහිමි වූ අඩු ආදායම් ලාභීන්ට සහ සමෘද්ධිලාභීන් සඳහා රජය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන රුපියල් 5000 ක දීමණා මුදල ගිරිබාව ප්‍රාදේශීය බල ප්‍රදේශය තුළ බෙදාහැරීමේ ප්‍රථම අදියරද ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මහතාගේ සුරතින් ගිරිබාව හෙට්ටිආරච්චිගම දී සිදුකරන ලදි.

Click here for Video .....

 
Write comment (0 Comments)

ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ සංකල්පයකට අනුව ලෝක ජල දිනය යෙදෙන මාර්තු මස 22 දින සිට මැයි මස වෙසක් පුර පසළොස්වක් පොහෝ දින දක්වා පැවැත්වෙන ජාතික ජල මහ උත්සවයට සමගාමීව වසර ගණනාවක් තිස්සේ පිරිසුදු පානීය ජලය සපයා ගත නොහැකිව පීඩාවිඳි කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෝරයාය පවුල් 1050 කටත් අධික ප්‍රදේශවාසී ජනතාව වෙනුවෙන් ජල සම්පාදන අමාත්‍යාංශය රුපියල් මිලියන 350 ක වියදමින් ඉදි කරනු ලැබූ තෝරයාය ජල සම්පාදන ක්‍රමය 2021 .04. 12 දින ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ සුරතින් විවෘත කරන ලදී.

එම අවස්ථාවට ජල සම්පාදන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ඩී.වී.ඩී තිලකසිරි, මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික,මාධ්‍ය අධ්‍යක්ෂ මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර, වයඹ පළාත් සම්බන්ධීකරණ ලේකම් ජනබන්දු සේනානායක,ල සම්පාදන මණ්ඩලයේ වයඹ පළාත් අතිරේක සමාන්‍යාධිකාරී ඉංජි. ප්‍රසාද්, ජල සම්පාදන මණ්ඩලයේ වයඹ පළාත් නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ඉංජි. වජිර විජේරත්න, ජල සම්පාදන මණ්ඩලයේ වයඹ පළාත් සහකාර සමාන්‍යාධිකාරී ඉංජි.වසන්ත දේශප්‍රිය යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

 Click here for Video .....

Write comment (0 Comments)

අඹන්පොල- ඇහැටුවැව එරියාව ග්‍රාමීය ජල යෝජනා ක්‍රමය ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මහතාගේ සුරතින් 2021.04.12 දින ලෝක ජල දිනය යෙදුනු මාර් තු මස 22 වන දින සිට වෙසක් පුර පසොලොස්වක් පොහෝ දින දක්වා පැවැත්වෙන ජාතික ජල මහා උත්සවයට සමගාමීව ජනතා අයිතියට පත් කෙරිණි

පිරිසිදු පානීය ජලය සපයා ගත නොහැකිව දීර්ග කාලයක සිට පීඩා විඳි ඇහැටුවැව එරියාව ප්‍රදේශවාසී පවුල් 300 කටත් අධික ජනතාවක් වෙනුවෙන් ජල සම්පාදන මණ්ඩලය රුපියල් මිලියන 25 ක මුදලක් වැය කරමින් මෙම ව්‍යාපෘතිය ඉදිකරණු ලැබීය

ව්‍යාපෘතිය විවෘත්ත කිරීමේ අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලමේන්තු පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මැතිතුමා, ගල්ගමුව ආසනයේ සංවර්ධන කමිටුවේ සභාපති අසංක නවරත්න මහතා, ජල සම්පාදන අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ජි.වි.ඩි. තිලකසිරි මහතා, මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික මහතා, වයඹ පළාත් සම්බන්ධීකරණ ලේකම් ජනබන්දු සේනානායක මහතා, ජල සම්පාදන මණ්ඩලයේ වයඹ පළාත් නියෝජ්ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු වජිර විජේරත්න මහතා ඇතුලු ප්‍රදේශවාසී ජනතාව සහභාගි විය.

Click here for Video .....

Write comment (0 Comments)

For more information Click here....

 
   
   
Write comment (0 Comments)