Click here for Video ...... 

Write comment (0 Comments)

ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා  මහ සිකුරාදා දින නිවාඩු දින බව අමතක කර  ජනතාවගේ පානීය ජල ගැටලු වලට විසඳුම් සපයමින් මහජන දිනය ක්‍රියාත්මක කළේය.

මෙහිදී දවස පුරා අමාත්‍යංශ පරිශ්‍රයේ රැඳීමින් අමාත්‍යතුමා ජනතාවගෙන් ඉදිරිපත්වූ ගැටළුවලට විසඳුම් ලබා දුන්නේය.

ජනතාව විශාල පිරිසක් බත්තරමුල්ලේ පිහිටි ලක්දිය මැදුර අමාත්‍යාංශය පරිශ්‍රයට  පැමිණ සිටි අතර ඔවුන් සියලු දෙනා හමුවෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමා ඒ ඒ ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම  සිදු කළේය .

 

Write comment (0 Comments)

ලෝක ජල දිනය සැමරෙන මාර් තු මස22 දා සිට මැයි මස වෙසක් පුන් පසළොස්වක් පොහෝ දා දක්වා ජලසම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ සංකල්පයකට අනුව පැවැත්වෙන ජාතික ජල මහා උත්සවයට සමගාමීව ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුළුපිටිය  ප්‍රදේශයේ ජනතාවට ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා බුළුපිටිය ජලසම්පාදන යෝජනා ක්‍රමය විවෘත කිරීම ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කරන ලදී.

වසර ගණනාවක් මුළුල්ලේ සිය පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකිව මහත් පීඩාවට පත්ව සිටි බුළුපිටිය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පානීය ජල හා සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 79.5 ක වියදමින් බුළුපිටිය එකමුතු ජල සමිතියෙ සහ ප්‍රදේශවාසි ජනතාවගේ ප්‍රජා දායකත්වය සවිබල ගන්වමින් ඉදිකෙරුණු බුළුපිටිය ජලසම්පාදන යෝජනා ක්‍රමයෙන් ප්‍රදේශය පවුල් 425 කටත් වැඩි ප්‍රමාණයකට ප්‍රතිලාභ හිමිවේ.

බුලුපිටිය ජලසම්පාදන යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ගරු විජිත බේරුගොඩ මැතිතුමා,මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජල සම්පාදන අධීක්ෂණ මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්ද මැතිතුමා,ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ උප සභාපති නිමල් ආර්. රණවක මහතා,ජලසම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ පෞද්ගලික ලේකම් සරත් එන්. රණසිංහ මහතා,ජල සම්පාදන අමාත්‍යතුමාගේ උපදේශක සඳක ගුණසේකර මහතා,ජලසම්පාදන අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් සංජීව ධම්මික මහතා, සම්බන්ධීකරණ ලේකම් ඩී. වී. ඩී. තිලකසිරි මහතා ,මහජන සම්බන්ධතා නිලධාරී ඩඩ්ලි මහතා, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඌව පළාත් අතිරේක සාමාන්‍ය ආධිකාරී රුවන් ලියනගේ මහතා, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි පානීය ජල හා සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ එන්.යූ.කේ. රණතුංග මහතා ,පානීය ජල හා සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ මොණරාගල දිස්ත්‍රික් කළමනාකාර කසුන් මහතා, ජල සම්පාදන අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර මහතා ඇතුළු ප්‍රාදේශීය සහ පළාත් දේශපාලන නියෝජිතයින් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන් මේ සඳහා සහභාගි විය.

   
   

 

Write comment (0 Comments)

2021 ලෝක ජල දිනය නිමිත්තෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජල සුරක්ෂිතතාවය වෙනුවෙන් ජල පෝෂක ප්‍රදේශ ආවරණය කරන ජල දින රුක්රෝපණ වැඩසටහන ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබුගම ජල පවිත්‍රාගාර පරිශ්‍රයේදී 2021.03.29 දින පැවැත්විණි.

මෙහිදී කැලණි ගඟ ආශිත ජල පෝෂක ප්‍රදේශවල ආරක්ෂාව සඳහා සේදවත්තේ සිට අවිස්සාවේල්ල දක්වා හා ලබුගම, කලටුවාව ජලාශය ආශිත ජල පෝෂක ප්‍රදේශවල කුඹුක් පැල, මී පැල, පලතුරු පැල 2300 ක් රෝපණය කරන ලදි.

සීතාවකපාදුක්ක ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ නියෝජ්‍ය සභාපති නීතිඥ රවීන්ද්‍ර ජයසිංහසීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් අචාර්ය ඉංජිනේරු ප්‍රියත් බි. වික්‍රම, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, සාමාන්‍යධිකාරී ඉංජිනේරු තිලිණ විජේතුංග, ගරු අමාත්‍යතුමාගේ සම්බන්ධිකරණ ලේකම් ජි.වි.ඩි. තිලකසිරි යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය. Click here for Ministers Voice.... and  
Click here for Video....

   
   
   
 
   
   
   
   
Write comment (0 Comments)
තික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ඇල්ලේවැව ජලාශ ව්‍යාපෘතියෙහි සමාරම්භක අවස්ථාව 2021.03.19 වන දින ගරු වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා හා ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු වගයි. 
 
මීට සමගාමීව ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වීමට ලක්වන පවුල් සඳහා වන්දි පිරිනැමීම ද සිදුවිය. මේ සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාරවර ඇතුළු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ද, නිලධාරී මහත්ම මහත්මීන් හා ප්‍රදේශවාසීන් රැසක් ද එක් විය.
 
ඝන මීටර මිලියන 1.91 ක ධාරිතාවයකින් යුත් මෙම ජලාශය නිමවීම සඳහා වැයවන පිරිවැය රුපියල් මිලියන 1532 කි. මෙමගින් පනාමුර සහ හුලංදා ඔය ව්‍යාපාරවල දැනට පවතින කුඹුරු අක්කර 1447 සඳහා යල මහ දෙකන්නයේ ජල සුරක්ෂිතතාවය ඇති කිරීමත්, ඇඹිලිපිටිය සහ කොලොන්න ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සුරක්ෂිත කිරීමත්, නව ඉඩම් අක්කර තුන්සිය පනහක් සඳහා ජලය සැපයීමත් ව්‍යාපෘති ප්‍රතිලාභ වශයෙන් දැක්විය හැක.
 
 
Write comment (0 Comments)
 
   
Write comment (0 Comments)
 
   
   
Write comment (0 Comments)

සාපිපාසාව සංසිඳුවමින් ජාතික ජල මහෝත්සවය ආරම්භ කෙරේ.

2021 ලෝක ජල දිනයට සමගාමීව ශ්‍රී ලංකාව ද ''තිරසාර සංවර්ධනයට ජලය" යන තේමාව මුල් කර ගනිමින් ලෝක ජල දිනය උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී. මේ නිමිත්තෙන් ජාතික ජල මහෝත්සවයක් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් අද දිනයේ දී ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව මෙම ජාතික ජල මහෝත්සවය යටතේ දිවයින පුරා ප්‍රධාන පානීය ජල යෝජනා ක්‍රම 11ක් සහ ග්‍රාමීය මට්ටමින් ප්‍රජා ජල යෝජනා ක්‍රම තුන් දහසක් අද ලෝක ජල දිනය පැවැත්වෙන මාර්තු 22 දින සිට වෙසක් පුර පුන් පොහෝ දින දක්වා මහජන අයිතියට පැවරීමට කටයුතු සැලසුම් කර ඇත. මේ තුලින් නව ජල සම්බන්ධතා  ලක්ෂයක් ලබා දීමේ පරමාර්ථයෙන් මෙම ජල මහෝත්සවය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙනවා. දිවයිනේ පානීය ජල අවශ්‍යතාවය දැඩිව බලපාන දුෂ්කර ප්‍රදේශ සඳහා මෙහිදී වැඩි ප්‍රමුඛතාවක් ලබා දීම මෙහි විශේෂත්වයයි.

මෙම ජයග්‍රාහි අරමුණ සාක්ෂාත් කරලීමේ දැවැන්ත මෙහෙයුමේ සමාරම්භය මාර්තු 22 වන දින ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන මැතිවරණ කොට්ඨාශයේ කටාන ජල යෝජනා ක්‍රමය විවෘත කරමින් ආරම්භ කරන ලදී. මේ සඳහා රුපියල් මිලියන 11,795ක වියදමකින් ශ්‍රී ලංකාව සහ චීන රජය සහයෝගයෙන් ඉදිකරන ලද මෙම ජල යෝජනා ක්‍රමය මඟින් නව ජල සම්බන්ධතා 20,000කට අධික ප්‍රමාණයක්, ග්‍රාම නිලධාරී වසම් 45 ආවරණය කරමින් ලබා දීමට කටයුතු සැලසුම් කර ඇති බව මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටින ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා සංවර්ධනය සෑම කෙනෙකු උදෙසා ම සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි සිදුවිය යුතුව තිබෙනවා. ඒ අනුව සැමට ජලය නොව සැමදෙනාටම ජලය යන වැඩ පිළිවෙල යටතේ  2025 වන විට සෞභාග්‍යය දැක්ම යථාර්ථයක් බවට පත් කරමින් සැමදෙනාටම පිරිසුදු පානීය ජලය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවද පැවසීය.

ප්‍රාථමික සෞඛ්‍ය සේවාවසංගත හා COVID රෝග පාලන රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මැතිණියනාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා,ග්‍රාමීය මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා යන මහත්වරුන් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රමජලසම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්විය.

 
Write comment (0 Comments)

රත්නපුර ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව හා මුල්ගම ශ්‍රී සද්ධානන්ද ප්‍රජා ජල ව්‍යාපෘතිය හා ඒකාබද්ධව ප්‍රදේශවාසීන්ගේ නොමසුරු දායකත්වය ද ඇතිව වැඩ අවසන් කොට නිමවූ මුල්ගම ප්‍රධාන ජල ටැංකි ගබඩාව හා පිරිපහදු ඒකකය 2021.03.18 දින ගරු ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාව.

   
   
   
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   

 

Write comment (0 Comments)

රත්නපුර දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ජල සම්පාදන ව්‍යාපෘති හා 2025 වර්ෂය වන්නට මත්තෙන් අවසන් වීමට නියමිත ජල සැපයුම් සම්බන්ධයෙන් පවත්වනු ලබන මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම 2021.03.18 දින ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩයේ ප්‍රාදේශීය සහන සේවා මධ්‍යස්ථානය( සබරගමුව ) හිදී ගරු ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

ඒ සඳහා අමාත්‍යාංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම, අතිරේක සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.පී.ආර්.සමරසිංහ, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ( සබරගමු ) ඩබ්.ජී.සී.එල්.වීරසේකර, අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් සංජීව ධම්මික , මාධ්‍ය අධ්‍යක්ෂ මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර යන මහත්වරුන්ද, ප්‍රදේශය නියෝජනය කරමින් ප්‍රාදේශීය නියෝජියතින් කිහිප දෙනෙක්ද මේ අවස්ථාට එක් විය.

 
 
   
   
   
   
   
   
   
   

 

Write comment (0 Comments)