බඩල්ගමුව ගල්මැටියාව සිවිල් ආරක්ෂක උප කලාප කාර්යාලයට නව ජල සම්බන්ධනය ලබා දීම.
පානීය ජලය සීමිතයි - අරපරිස්සමෙන් භාවිත කරගන්න. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි.
දිවයිනේ දැනට පවතින අධික වියලි කාලගුණික තත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හි සහ ප්‍රධාන ජලාශයන්හි ජල මට්ටම් පහල බැස ඇති අතර ජනතාවගේ ජල පරිභෝජනය ද ඉතා ඉහල මට්ටමක පවතී. මේ හේතුව නිසා පානීය ජල සැපයුම සීමාසහිත වන බැවින් මේ අවස්ථාවේදී ජලය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චියට ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.
මේ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යධිකාරී ඉංජිනේරු තිළිණ එස්. විජේතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ,
මෙම අවස්ථාවේ පානීය ජල සැපයුම සීමාසහිත වන බැවින් එය සියලු දෙනාටම සමසේ බෙදා හැරිය යුතු හෙයින් වාහන සේදීම, ගෙවතු වගාව සහ බෝග වගාවන් ඇතුලු අත්‍යාවශ්‍ය නොවන කටයුතු වලට මෙම පිරිපහදු කරන ලද පානීය ජලය භාවිතා නොකරන ලෙසයි. බීමට සහ ඉවුම් පිවුම් කටයුතු වලට පමනක් භාවිතා කරන මෙන් මෙම නිවේදනය මඟින් කාරුණික ඉල්ලීමක් කර ඇත.
මෙම තත්වය මත පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපූරාලීමේදී උස් බිම් ප්‍රදේශවලට සහ සමහර ප්‍රදේශයන්හි ජල පාරිභෝගියන් වෙත ජලය බෙදාහැරිමෙදී අඩු පීඩන තත්වයන් උද්ගතවිය හැකිය.
කෙසේ වුවත් මෙම වියලි අයහපත් කාළගුණික තත්වය නිසා ජනතාවට මුහුන දීමට සිදුවී තිබෙන දුෂ්කර තාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණකාටුව ප්‍රකාශ කර සිටින අතර මෙම අවස්ථාවේ පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ද පාරිභෝගික ජනතාවගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි.
මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර
අධ්යක්ෂ මාධ්‍ය
ජල සම්පාදන අමාත්‍යාංශය
0716845668
Write comment (0 Comments)නව ප්‍රජා ජල ව්‍යාපෘති දහසක් එක් දිනයක දී ජනතා අයිතියට.
For more information Click here
Write comment (0 Comments)දුෂ්කර ප්‍රදේශයන්හී පාසල් දරුවන්ට පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීමේ වැඩපිළිවෙලකට යුනිසෙෆ් සංවිධානයේ සහය.
Click here for more informaton
දිවුලපිටිය මැතිවරණ කොට්ඨාශයේ අසුපිනි ඒකාබද්ධ ප්‍රජා ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම
අතිගරු ජනාධිපතිතුමාගේ "සෞභාග්‍යය දැක්ම" අනුව 2025 සැමට ජලය වැඩසටහන යටතේ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන ලද දිවුලපිටිය මැතිවරණ කොට්ඨාශයේ අසුපිනි ඒකාබද්ධ ප්‍රජා ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ සහ රාජ්‍ය අමාත්‍ය ගරු සනත් නිශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022.01.16 දින ගොඩිගමුවේ දී සිදුවිණි.
මෙම අවස්ථාවට ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. ජි. විජය බන්දු, ජල සම්පාදන අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් සහ ව්‍යාපෘති අධීක්ෂක කේ.එච්. සංජීව ධම්මික, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් ස්ථානභාර නිලධාරි චතුර දනුද්ධර යන මහත්වරු ඇතුළු රාජ්යනිලධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී විය.
|
|
|
|
|