ජාතික ජලසම්පාදන මණ්ඩලය ජාතික වස්තුවකි, අපි හැම එය රැකගනිමු
Click here for the news of Minister of Water Supply, Vasudeva Nanayakkara.
Write comment (0 Comments)ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සතු තොග වර්ගීකරණය සහ පලදායී ලෙස කළමණාකරණය කිරීමේ දීපව්‍යප්ත වැඩසටහන.
For information Click here.....
Write comment (0 Comments)අලව්ව,පොල්ගහවෙල, පොතුහැර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ ජල සම්බන්ධතා ලබා දීමේ ජංගම සේවාවක්
ජල සම්පාදන ගරු අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමාගේ උපදෙස් මත ජනතාව අතරට ගොස් ජනතාවගේ ජල ඉල්ලුම් පත්‍ර ලබා ගෙන එක් දිනක් තුලදී ජල සම්බන්ධතාවයන් ලබා දිමේ වැඩසටහනට අනුව
අලව්ව,පොල්ගහවෙල, පොතුහැර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ ජල සම්බන්ධතා ලබා දීමේ ජංගම සේවාවක් පොල්ගහවෙල මහමෙව්නා අසපුවේදී 2021.10.30 දින පැවැත්විණි.
ජල සම්පාදන මණ්ඩලයේ කුරුණැගල ප්‍රාදේශීය සහාය සේවා කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම ජංගම සේවාව මගින් ජල නල දීර්ඝ කර නව ජල සම්බන්ධතා ලබා දීම සිදු කරන ලද අතර ජල සම්බන්ධතා ලබා ගැනීමට පැමිණි පාරිභෝගිකයින්ට එක් දිනක් තුලදී තම කාර්යයක් සිදු කර ගැනීමට අවස්ථාව ද උදාවුනි.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, සාමාන්‍යධිකාරී ඉංජිනේරු තිළිණ විජේතුංග, වයඹ පළාත් නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ඩි.ඩි. මැදවත්ත, ව්‍යාපෘති අධ්යක්ෂ ජි.එම්. තිලකරත්නයන මහත්වරු ඇතුලු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.
ඉතිහාසයේ ප්‍රථම වතාවට අයගම ගවරගිරට පානීය ජලය
click here for vedio.............
“ජල නල එලීම උදෙසා සේවක ප්‍රජා වැඩ සටහන” අදියර 02 වෙනුවෙන් උඩවලව ජනතාවගෙන් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමාට සම්මාන
ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාගේ සංකල්පයකට අනුව දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිත ජල නල එලීම උදෙසා සේවක ප්‍රජා වැඩ සටහනේ අදියර 02 උඩවලව ප්‍රදේශයේ ඉතා සාර්ථකව පවත්වා ජල සම්පාදන මණ්ඩලයට කෝටි 20 කට අධික මුදලක් මණ්ඩලය තුළ ඉතිරි කර ගැනීමට හැකියාව ලැබුණු අතර උඩවලව ප්‍රදේශයේ ජනතාවට උග්‍ර ව පැවැති පානීය ජල ගැටළුවටත් විසඳුම් ලැබුණි.
වසර ගණනාවක් මුළුල්ලේ පැවැති පානීය ජල ගැටළුවට එක් දිනකින් විසඳුම් ලබා දුන් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කාර මැතිතුමාට කෘත ගුණ සැලකණු වස් උඩවලව ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් “ජල නල එලීම උදෙසා සේවා කර ප්‍රජා වැඩ සටහනේ” ග්‍රාමීය සම්බන්ධීකරණ නියෝජිතයෙකු වශයෙන් සිය දායකත්වය ලබා දුන් ධම්මික මායාදුන්න මහතා විසින් සමරු ඵලකයක් ප්රදානය කොට උඩවලව ජනතාවගේ හෘදයාංගම ස්තුතිය අමාත්‍යවරයාට පුද කරන ලදී.