පානීය ජල සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2026.04.29 දින හෝමාගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි.මෙම වැඩසටහන මඟින් ජලය සුරැකීමේ වැදගත්කම, දෛනික ජීවිතයේ ජලය කාර්යක්ෂමව භාවිත කිරීමේ ක්‍රම, ජල දූෂණය අවම කිරීමේ අවශ්‍යතාවය සහ අනාගත පරපුර වෙනුවෙන් ජල සම්පත් ආරක්ෂා කර ගැනීම පිළිබඳව සහභාගී වූවන් දැනුවත් කරන ලදී.“ජලය සුරකිමු – අනාගතය රකිමු” යන පණිවිඩය සමඟින් පැවැත්වූ මෙම වැඩසටහන මඟින් ජල සංරක්ෂණයේ වැදගත්කම සමාජයට තවදුරටත් රැගෙන යාමට හැකි විය
Last Updated on 7 hours by Tharindu Gallage