The Groundwater Recharge Demonstration Unit, operated by the Groundwater Division (North Western Province) of the National Water Supply and Drainage Board (NWSDB) in Wariyapola, was inspected by the Minister of Housing and Water Supply, Dr. Susil Ranasinghe, on 14 January 2026.
The demonstration unit was established to raise awareness among communities in Sri Lanka’s dry zone about artificial groundwater recharge, facilitate scientific research in the field, and contribute to improving the livelihoods of people affected by water scarcity.
The unit demonstrates how rainwater collected from rooftops is directed into a rainwater storage tank, with the excess water being artificially recharged into the ground through specially designed recharge systems.
Since its establishment in 2021, the demonstration unit has provided awareness and training on artificial groundwater recharge to nearly 1,000 families in the dry zone. In the future, it is expected to further educate farming communities, government officials, private sector representatives, entrepreneurs, school students, and teachers.
The initiative highlights the benefits of artificial groundwater recharge, including maintaining soil moisture during prolonged droughts, increasing groundwater availability, improving groundwater quality, and enhancing the natural replenishment of water resources in the dry zone.
By promoting artificial groundwater recharge throughout Sri Lanka’s dry zone, the programme aims to strengthen water security, support sustainable agricultural activities, reduce poverty and water-related health issues, and ultimately improve the quality of life of communities living in water-scarce areas.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාරියපොල පිහිටා ඇති භූගත ජල අංශය (වයඹ) කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන භූගත ජල පුනරාරෝපණ ආදර්ශ ඒකකයේ වර්ථමාන තත්වය පිළිබඳ සොයා බැලීමට නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා 2026.01.14 වන දින සම්බන්ධ වූ අතර භූගත ජලය කෘතිමව නැවත පොළොව තුළට ආරෝපණය කරන ආකාරය දක්වන පරිදි නිර්මාණය කරන ලද නිදර්ශක/ආදර්ශක එහිදී නිරීක්ෂණයට යොමුවිය.
ජල හිඟයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ ජනතාවට කෘතිම භූගත ජලය පුනරාරෝපණය පිළිබඳව අවබෝධයක් ලබාදී එමඟින් ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීමටත්, භූගත ජල පුනරාරෝපණය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකිරීමත් මෙම ඒකකය පිහිටුවීමේ මූලික අරමුණ වන අතර,වහලයට එකතු වන වැසි ජලය වැසි ජල ගබඩා ටැංකියකට යොමු කර එහි අතිරික්ත ජලය පොළව තුළට කෘතිමව ඇතුළු කරන ආකාරය ආදර්ශන මගින් පෙන්වා දී තිබේ. මෙම ආදර්ශන ඒකකය 2021 ආරම්භ කර ඇති අතර මේ දක්වා වියලි කලාපයේ පවුල් දාහකට ආසන්න ප්‍රමාණයකට කෘතිම භූගත ජල පුනරාරෝපණය පිළිබඳ ව දැනුම ලබා දී තිබේ. ඉදිරියේදීත් වියලි කලාපීය ගොවි ජනතාවට, රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශය, ව්‍යවසායකයින්, පාසල් සිසුන් හා ගුරුවරුන් දැනුවත් කිරීමට අපේක්ෂා කෙරේ.
විශේෂයෙන්ම කෘතිම භූගත ජල පුනරාරෝපණය මගින් වියළි කලාපයේ දිගු නියං කාලවලදී පවා පාංශු තෙතමනය රඳවා තබා ගනිමින් වගා කටයුතු අඛන්ඩව සිදුකර ගැනීමටත්, භූගත ජලයේ ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත්, ගුණාත්මක භාවය පිරිහුණු භූගත ජලයේ ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීමටත් හැකිවන බව පෙන්වා දුන් අතර භූගත ජල පුනරාරෝපණය වියළි කලාපය තුළ ප්‍රචලිත කිරීම මගින් එම කලාපයේ ජල මූලාශ්‍රවලට පවතින ප්‍රතිපෝෂණය වැඩිකිරීමටත් වියලි කලාපීය ජනතාවගේ දරිද්‍රතාවය හා සෞඛ්‍ය ගැටලු වලට විසඳුම් ලබාදී ඔවුන්ගේ ජීවන තත්වය නංවාලීම මෙහි මුඛ්‍ය පරමාර්ථයයි.
Last Updated on 3 days by Tharindu Gallage