රුක් රෝපණ වැඩසටහන පළමු අදියර ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ 50 වන සංවත්සරය නිමිත්තෙන් පාසල්, මාර්ග දෙපස, ළමා ක්‍රීඩාංගණ සහ ළමා උද්‍යාන ආශ්‍රිතව ක්‍රියාත්මක කරන ලද රුක් රෝපණ වැඩසටහනේ පළමු අදියර ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී සාර්ථකව අවසන් කර ඇත.
සියලු පාර්ශ්වකරුවන්ගේ සහයෝගය හා සක්‍රීය දායකත්වය සමඟ මේ වන විට ගස් සහ පැළ 250 ක් සාර්ථකව රෝපණය කර ඇත.
අනාගත පරපුර වෙනුවෙන් හරිතවත්, සෞඛ්‍ය සම්පන්න හා තිරසාර පරිසරයක් ගොඩනැගීමට අපි එක්ව ඉදිරියටත් කටයුතු කරමු.

The first phase of the Tree Planting Program organized in schools, along streets, at children’s playgrounds, and in public parks to commemorate the 50th Anniversary of the National Water Supply and Drainage Board has been successfully completed in the Trincomalee Region.
With the valuable support and active participation of all stakeholders, a total of 250 trees and plants have been successfully planted so far.
Together, let us continue building a greener, healthier, and more sustainable environment for future generations.