1992 දී පැවැති පරිසරය හා සංවර්ධන පිළිබද ඵක්සත් ජාතින්ගේ සමුළුවේදි නැවුම් ජලය පිළිබද ජාත්‍යන්තර දිනයක් සැමරිය යුතු යැයි සම්මත වු යෝජනාව මත 1993 වසරේ ප්‍රථම ලෝක ජල දිනය සමරනු ලැබීය. ඉන් අනතුරුව සෑම වසරකදීම ලෝක ජල දිනය ඵ් ඵ් වර්ෂයට අදාලව තේමාවන් මුල් කර ගනිමින් ලෝක ජල දිනය සමරනු ලැබිය.

1994 - වසරේ ජල දින තේමාව වුයේ ‘‘අපගේ ජල සම්පත් ආරක්ෂාණය කිරීම සැමගේ වගකීම’’ යන්නයි.

1995 - ජලය හා කාන්තාව අතර ඇති සැබදියාව පිළිබද අවධානය යොමු කරමින් ඵවර තේමාව වුයේ‘‘කාන්තාව සහ ජලය’’ යන්නයි.

1996 -වසරේදී සමාජ ආර්ථික සංවර්ධනයන් සමඟ නව නගර නිර්මාණය විම තුළ ඇතිවන්නාවු ජල ප්‍රශ්ණ පිළිබදව අවධානය යොමු කරමින් ‘‘පිපාසිත නගර සඳහා ජලය’’ නම් තේමාව මුලික කරගනිමින් ලෝක ජල දිනය සමරනු ලැබීය.

1997 - ලොව පවතින සියලුම ජීවින්ට අත්‍යාවශ්‍යවු ජල සම්පත පිළිබද මෙන්ම ඵ් සඳහා වු ඉල්ලුම හා තරඟ පිළිබදව ලෝක අවධානයට යොමු කරමින් ‘‘ලෝකයේ ජලය සැහෙන තරම් තිබේ ද’’යන තේමාව පෙරදැරිව ජල දිනය සමරන ලදි.

1998 - ලෝක ජල දින තේමාව ‘‘භූගත ජලය අනගිභවනියයි’’ යන්නය.

1999 -වසරේ ලොව ප්‍රධන ගංඟා වල සිදු වු ජල ගැලිම් හේතුවෙන් විශාල ජිවිත ගණන් හානිවිම ගැනද අවධානයට ලක් කරමින් ‘‘සියලු දෙන ගඟ පහල ජිවත් වෙතියි’’ යන්න තේමාව යොදා ගැණින.

‘‘21 වන ශත වර්ෂය සඳහා ජලය’’ යන තේමාව මුල් කර ගනිමින් 2000 වසරේ ලෝක ජල දිනය හේග් නුවරදි සමරන ලදී.

2001ට පිරිසිදු පානීය ජලය ලබා දිමෙන් සෞඛ්‍ය තත්ත්වයන් වැඩි දියුණු කිරිමට ජලයේ බලපෑම පිළිබද අවධානය යොමු කරමින් ඵවර ජල දින තේමාව වුයේ ‘‘සෞඛ්‍ය සඳහා ජලය වගකිම භාර ගැනීමය’’.

2002 -සමෝදානමය ජල සැලසුම්කරණය හා කළමනාකරණය යන පණිවිඩය මුල් කරගෙන මෙම ‘‘වසරේසංවර්ධන සඳහා ජලය’’ යන තේමාව භාවිතයට ගැනුණි.

2003 - ඵක්සත් ජාතින්ගේ පාරිසරික වැඩ සටහන මුලිකත්වය ගෙන සැමරු මෙම ලෝක ජල දිනයේ තේමාව වුයේ ‘‘අනාගතය සඳහා ජලය’’ යන්නයි.

2004 -වසරේ තේමාව වුයේ ‘‘ජලය හා ආපදාවන්’’ යන්නයි.

2005 - ජල දින තේමාව ‘‘ජිවය සඳහා ජලය’’ යන්න විය.

2006 - බෝහෝ ආගම් ජලය ශුද්ධ වස්තුවක් ලෙස සලකමින් විවිධ චරිත්‍ර සහ උත්සව සදහා යොදාගනු ලැබිම පිලිබද අවධානය යොමු කරමින් ‘‘ජලය සහ සංස්කෘතිය’’ තේමා ලෙස යොදා ගැණිනි.

2007 - ලෝක ජල දින තේමාව වුයේ ‘‘ජල හිගයට මුහුණ දෙමු’’ යන්නය.

2008 - වසර වන විට අහිතකර සනීපාරක්ෂක තත්ත්වයන් හේතු කර ගෙන සැම තප්පර 20ට වරක්ම දරුවෙකු මරණයට පත්විම පිළිබද දැඩි අවධානයට ලක් කරමින් ඵවර ලෝක ජල දින තේමාව වුයේ ‘‘සනීපාරක්ෂාව’’ යන්නය.

‘‘සිමා මායිම් දුරලමින් සැමට සමසේ ජල සම්පත’’ තේමාව ඔස්සේ 2009 ලෝක ජල දිනය සමරන ලදි.

2010 -ජල ප්‍රමිතිය, පරිසර පද්ධතිය හා මානව සුබ සාධනය පිළිබද තොරතුරු ලොවට ලබා දිමේ අරමුණින් ජල දින තේමාව වුයේ ‘‘සුවබර ලොවකට - සුපිරිසිදු ජලය’’ යන්නයි.

2011 -ජල දින තේමාව ‘‘ජලය සහ නාගරීකරණයයි’’ මේ තුළින් බලාපොරොත්තු වුයේ වේගවත් නාගරීකරණය තුළ ජනගහන වර්ධනය කර්මාන්ත බිහිවිම දේශගුණික විපර්යාස හා ස්භාවික විපත් ජල සම්පත කෙරෙහි බලපානු ලබන ආකාරයයි.

2012 වසරේසෞඛ්‍ය සම්පන්න ජිවිතයකට පිරිසිදු ගුණාත්මක ආහාර භාවිතාවේ වැදගත්කම පිළිබද අවධානය යොමු කරමින් ‘‘ජලය සහ ආහාර සුරක්ෂිතතාව’’ යන්න ලෝක ජල දින තේමාව විය.

2013 - වසරේ ‘‘තේමාව වුයේ ජල සහයෝගිතාවය පිළිබද ජාත්‍යන්තර යන්නයි’’.

2014 -වසරේ ලෝක ජල දින තේමාව වුයේ ‘‘ජලය සහ බලශක්තිය’’ වන අතර 2015 වසරේ ලෝක ජල දින තේමාව වුයේ ‘‘තිරසාර සංවර්ධන හා ජලය’’ යන්නයි.