නිවාස සබඳතා විස්තර

නව ජල සැපයුම් සබඳතාවයක් ලබාගන්නේ කෙසේද?

  • අදාල ප්‍රදේශය නල මාර්ග ජල සැපයුම් සහිත ප්‍රදේශයක්දැයි විමසා බලන්න.
  • ඔබට ආසන්නම ජා.ජ.ස.ජ. මණ්ඩල කාර්යාලය ඇත්තේ කොහිදැයි සොයාගෙන නව ජල සැපයුම් සබඳතාවක් සඳහා වන අයදුම්පත්‍රය ලබාගන්න. (එසේ නැතහොත් පහත දැක්වෙන කොටසින් අයදුම්පත්‍රය බාගත කරන්න.)
  • අයදුම්පත්‍රය පුරවා තහවුරු කිරීමේ ලේඛනවල පිටපත් සමගින් ජා.ජ.ස.ජ.ම කාර්යාලයට බාර දෙන්න.
  • අදාල මැනුම් ලබා දීමට සහ පිරිවැය ඇස්තමේන්තු පිළියෙල කිරීමට සහකාර ඉංජිනේරුවරයෙකු හෝ කාර්යාල බාර නිලධාරී ඔබේ පරිශ්‍රයේ පරික්ෂණ චාරිකාවක් සිදු කරනු ඇත. ලැබී ඇති අයදුම්පත්‍ර සංඛ්‍යාව අනුව මේ සඳහා උපරිමව දින 7 ක් ගතවනු ඇත. (කාර්යාලයේ GIS පද්ධතියේ නලමාර්ග පිළිබඳ විස්තර තිබේ නම්, අයදුම්කරන අවස්ථාවේ අයදුම්කරුට පිරිවැය ඇස්තමේන්තුව ලබා දෙනු ඇත.)
  • නව සබඳතාව ලබාදීම සඳහා මාර්ගයේ පදික වේදිකාව කැඩීමට සිදුවේ නම්, මාර්ග ප්‍රතිසංස්කරණ ගාස්තුවක් අදාළ පළාත් පාලන ආයතනයට / මාර්ග සංවර්ධන අධිකාරියට ගෙවීමට සිදුවනු ඇත. ගෙවිය යුතු ආයතනය සහ ගෙවිය යුතු මුදල් ප්‍රමාණය පිරිවැය ඇස්තමේන්තුව සමග අයදුම්කරුට බාර දෙනු ඇත.
  • මෙම අවස්ථාවේදී, අයදුම්කරුට ගාස්තුව ගෙවිය හැක. පළාත් පාලන ආයතනයට / මාර්ග අධිකාරියට ගෙවිය යුතු මුදල අයදුම්කරු සෘජුවම ඒ ආයතන වෙත ගෙවිය යුතුය. අදාළ ගෙවීම් පිළිබඳ සාක්ෂි අයදුම්කරු ජා.ජ.ස.ජ. මණ්ඩල කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය. (අදාළ වන අවස්ථාවන්හිදී)
  • අයදුම්කරු ජා.ජ.ස.ජ. මණ්ඩලය සමග අයදුම්කරු ගිවිසුමකට එළඹේ. (‍මෙම ගිවිසුම් ආකෘතිය පහත දැක්වෙන කොටසින් බලා ගත හැක.)
  • ගෙවීම සිදුකර උපරිම දින 4කින් පසුව ජල සැපයුම් සබඳතාව ලබා දෙනු ඇත.
කොළඹ සහ අනෙකුත් නගර සභා ප්‍රදේශවල ජල නිෂ්කාශන සහතිකය / පිරිවැය ඇස්තමේන්තුව නිකුත් කිරීම සඳහා වන කාර්යයන් වෙනුවෙන් ගාස්තුවක් පැනවීම : විස්තර බලන්න.
Get Free Adobe PDF Reader Now