මුල් අංක හතර අදාළ ප්‍රදේශය දක්වයි. :-

  • ඔබේ ගිණුම් අංකය 10/33/602/010/18
  • එබැවින් ඔබේ කාණ්ඩය 10/33 වේ
  • එබැවින් ඇමතිය යුතු පුද්ගලයන් වන්නේ
  • කළමනාකරු, කොළඹ නගරය හෝ ප්‍රදේශයේ ඉංජිනේරු වේ (CB 111)

අධික ජල බිල්පත් සඳහා හේතු කිහිපයක් තිබිය හැකිය.

  • ඉහළ පරිභෝජනය (වැඩි විස්තර සඳහා ගාස්තු ක්‍රමය බලන්න)
  • අභ්‍යන්තර ජල කාන්දුවක්
  • මීටරයේ දෝෂයක් විය හැකිය
  • ජල මීටරයෙන් පසු නිතිවිරෝධී සබඳතාවක් තිබෙනවා විය හැකිය

විසඳුම
සියලු ජල කරාම වසා දැමීමෙන් පසුවත් ඔබගේ මීටරය ක්‍රියාත්මක වන්නේදැයි පරික්ෂා කරන්න. එසේ ක්‍රියාත්මක වන්නේ නම් ඔබේ නල පද්ධතියේ අභ්‍යයන්තර කාන්දුවක් හෝ නිති විරෝධී සබඳතාවක් තිබීමට ඉඩ ඇත. එබැවින් කාන්දුව සොයා එය වහාම අළුත්වැඩියා කළ යුතුය. නීති විරෝධී සබඳතාවක් තිබේ නම් ඒ බැව් වහාම ප්‍රදේශයේ ඉංජිනේරුවරයාට දැනුම් දීම සුදුසු වේ.

ජල මීටරයට පෙර ඇති කවර හෝ කොටසක අයිතිය ඇත්තේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයටය. එබැවින් මීටරයට පෙර ඇති කොටසේ සිදුකරන කවර හෝ අළුත්වැඩියාවකට පෙර පාරිභෝගිකයා විසින් අදාල ප්‍රාදේශීය ඉං‍ජිනේරු වෙත ඒ බැව් දැනුම් දිය යුතු බව අප තරයේ අවවාද කරන්නෙමු.

කරුණාකර වහාම අදාළ කාර්යාලය අමතන්න.

ඔබට එසේ කිරීමට නොහැකිය. කරුණාකර අදාල ප්‍රාදේශීය ඉංජිනේරු වෙත ඒ බව දන්වන්න.