ජල සම්පාදන ගරු අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමාගේ උපදෙස් මත ජනතාව අතරට ගොස් ජනතාවගේ ජල ඉල්ලුම් පත්‍ර ලබා ගෙන එක් දිනක් තුලදී ජල සම්බන්ධතාවයන් ලබා දිමේ වැඩසටහනට අනුව
අලව්ව,පොල්ගහවෙල, පොතුහැර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ ජල සම්බන්ධතා ලබා දීමේ ජංගම සේවාවක් පොල්ගහවෙල මහමෙව්නා අසපුවේදී 2021.10.30 දින පැවැත්විණි.
ජල සම්පාදන මණ්ඩලයේ කුරුණැගල ප්‍රාදේශීය සහාය සේවා කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම ජංගම සේවාව මගින් ජල නල දීර්ඝ කර නව ජල සම්බන්ධතා ලබා දීම සිදු කරන ලද අතර ජල සම්බන්ධතා ලබා ගැනීමට පැමිණි පාරිභෝගිකයින්ට එක් දිනක් තුලදී තම කාර්යයක් සිදු කර ගැනීමට අවස්ථාව ද උදාවුනි.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, සාමාන්‍යධිකාරී ඉංජිනේරු තිළිණ විජේතුංග, වයඹ පළාත් නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ඩි.ඩි. මැදවත්ත, ව්‍යාපෘති අධ්‍යක්ෂ ජි.එම්. තිලකරත්නයන මහත්වරු ඇතුලු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.