ජල සම්පාදන මණ්ඩලයේ කාර්යභාරය නව අමාත්‍යතුමාගේ පැසසුමට.
රටේ ප්රමුඛ පෙළේ අත්‍යාවශ්‍ය සේවා ආයතනයක් වන ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවා කටයුතු පිළිබඳවතමන් ඉමහත් ප්‍රසාදයට පත්වූ බවත් ජල සම්පාදනය භාර අමාත්‍යවරයා වුවත් මා ඔබගේ සේවාවන්හි කොටස්කරුවෙකු වශයෙන් ඔබත් සමග එක්වී කටයුතු කරන බවත් ජල සම්පාදන අමාත්‍ය මොහාන් පි. ද සිල්වා මහතා පවසයි.
ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යතුමා මෙම අදහස් ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තුමා.
ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් ධනාත්මක සිතන ධනාත්මකව කටයුතු කරන නිලධාරීන් පිරිසක්. ඔවුන් කරන සේවාව කැපවීමෙන් සහ දැඩි ඕනෑකමින් යුතුව සිදු කිරීම නිසා අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල වන 2025 සැමට ජලය වැඩසටහන සාර්ථක වන බවට මා තුළ දැඩි විශ්වාසයක් පවතිනවා.
අපට දේශපාලන වශයෙන් යම් යම් මතිමතාන්තර අදහස් තිබිය හැකියි. නමුත් ජනතාවට පානීය ජලය ලබාදීම උතුම් ක්‍රියාවක් වන බැවින් එම වැඩපිළිවෙළ තුළ දී ජල සම්පාදන මණ්ඩලයේ සේවක පිරිස් එක අරමුණක සිට පූර්ණ එකගතාවයෙන් තම රාජකාරිය මැනවින් ඉටුකිරීමට පෙළගැසීම අගය කළ යුතු යැයි පැවසූ ජල සම්පාදන අමාත්‍යතුමා අනෙකුත් රාජ්‍ය ආයතනයන් අතරේ මෙම මණ්ඩලය විශේෂ වන්නේ මෙම හේතුව නිසා වන බවද පෙන්වා දුන්නේය.
අද රට තුළ උද්ගතව ඇති ආර්ථික අස්ථාවරත්වය හමුවේ වුවද රටට රජයට බරක් පීඩනයක් නොමැතිව මහජනතාව වෙනුවෙන් කරන මෙම උදාර ක්‍රියාවලිය තුළ ජල සම්පාදන මණ්ඩලය ආයතනයක් ලෙස ශක්තිමත් කිරීමටත් සේවක සුභ සාධනය සේවක වැටුප් සහ අයිතිවාසිකම් දිනා දීමටත් තමන් සහ රාජ්‍ය අමාත්‍යතුමා සේවක පිරිස් සමඟ එක්ව කටයුතු කරන බවත් බොහොමයක් රාජ්‍ය ආයතන රටට රජයට දැඩි පීඩාවක් එල්ල කරන මොහොතේ මෙම මණ්ඩලය ශක්තිමත්ව ගොඩ නැගීමේ කාර්යය අනිවාර්යෙන්ම ඉටුකරන බවද ජල සම්පාදන අමාත්‍යතුමා මෙහිදී පැහැදිලි කළේය.
අපගේ ජයග්‍රහණය වන්නේ ජනතාවට අඛණ්ඩව පිරිසිදු පානීය ජලය ලබා දීමයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ආයතනයක් වශයෙන් අප සියලුදෙනාගේ එකමුතු බව සහ ශක්තියයි. ඒ තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සේවා ආයතනයක් ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ගොඩනැගීම තම ඒකායන අරමුණ බවද අමාත්‍යතුමා කියා සිටියේය.
ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්රියත්බි. වික්‍රම, මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, සාමාන්‍යාධිකාරී තිලිණ විජේතුංග, ඇතුළු මණ්ඩලයේ විධායක නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් ද මෙම අවස්ථාවට සහභාගි විය.
![]() |
|
![]() |