ජලසම්පාදනය හා ජලාපවහනය සඳහා රජයේ වැඩ දෙපාර්තමේන්තුව යටතේ උප දෙපාර්තමේන්තුවක් ලෙස මෙම ආයතනය ආරම්භ විය. 1965 වසරේදී එය පළාත් පාලන අමාත්‍යාංශයේ අංශයක් ලෙස ස්ථාපිත කරනු ලැබීය. යළිත් 1970 වසරේ සිට මෙම අංශය වාරිමාර්ග, විදුලිබල සහ මහාමාර්ග අමාත්‍යාංශය යටතේවෙනම දෙපාර්තමේන්තුවක් ලෙස ක්‍රියාත්මක වූ අතර 1975 ජනවාරි මස පාර්ලිමේන්තු පනතක් මගින් මණ්ඩලය ස්ථාපිත කරන තෙක් ඒ අයුරින් පැවතුණි.
ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය යටතේ වත්මනෙහි ක්‍රියාත්මක වන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය (ජා.ජ.ස.ජ.ම.) ශ්‍රී ලංකාවෙහි සුරක්ෂිත පානීය ජලය සපයන සහ සනීපාරක්ෂාව සැපයිම සඳහා පහසුකම් සපයන ප්‍රධානතම අධිකාරිය වේ. මණ්ඩල පනත අනුව, වඩා වැඩි ආවරණයක් සහ වැඩි දියුණු කළ සේවාවක් සැපයීම පිණිස මණ්ඩලය විසින් පළාත් පාලන ආයතන විසින් මෙහෙයුම් කටයුතු සිදු කළ ප්‍රධාන නාගරික ජල සම්පාදනයෝජනා ක්‍රම කිහිපයක් පවරා ගන්නා ලදී. ජල මනු සවිකිරිම සහ බිල්පත් නිකුත් කිරීම 1982 වසරේදි ආරම්භ විය. ගැඹුරු ළිං කැණීමේ වැඩසටහන් ඇතුළුව ග්‍රාමීය ජල සම්පාදන සහ සනීපාරක්ෂක වැඩසටහන්ද ජා.ජ.ස.ජ.ම. විසින් ක්‍රියාත්මක කරමින් පවතී
|
 1974-12-02 වෙනි දින පැවැත්වූ මණ්ඩලයේ අරම්භක රැස්වීමේදී වාරිමාර්ග විදුලිබල සහ මහාමාර්ග ඇමති ගරු මෛත්‍රීපාල සේනානායක මහතා
|
පසුගිය වසර 36 තුළ, මණ්ඩලය සිය ක්‍රියාකාරකම්හි විෂය පථය සැලකිය යුතු ලෙස ව්‍යාප්ත කර තිබේ. සේවක සංඛ්‍යාව 1975 වසරේ සිටි දහසේ (1000) පමණ සිට 2010 වන විට නවදහස් දහතුන (9013) දක්වා ඉහළ ගොස් තිබේ.
ජා.ජ.ජ.ම. වත්මනෙහි ජල සම්පාදන යෝජනා ක්‍රම 312 ක් ක්‍රියාත්මක වන අතර එමගින් මුළු ජනගහනයෙන් 39%කට පානීය ජල පහසුකම් සපයයි. අත් පොම්ප සහ නළ ලිං යොදාගනිමින් ජනගහනයෙන් 12%කට සේවා සපයනු ලැබේ. එක්සත් ජාතීන්ගේ සහස්ර සංවර්ධන ඉලක්කය වන 85% ක සුරක්ෂිත පානීය ජල ආවරණය 2015 වසර වන විට සපුරාගැනිම සඳහා එම වසර වන විට නල මාර්ග ජල සැපයුම 45.7% දක්වා ඉහළ නැංවීමට අපි බලාපොරොත්තු වන්නෙමු. එසේම කොළඹ සහ තදාසන්න ප්‍රදේශ, හන්තාන, කොග්ගල, හික්කඩුව, කතරගම සහ නිවාස යෝජනා ක්‍රම කිහිපයක මලාපවහන පද්ධතිද ජා.ජ.ජ. මණ්ඩලය යටතේ පවතී.
|