"අස්වැන්න නෙලීමේ උත්සවය" පාදක කොට සශ‍්‍රීකත්වය පතා හා කෘතගුණ දක්වමින් තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතාව සම්ප‍්‍රදායිකව සමරනු ලබයි. මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස සලකති. එමෙන්ම තෛපොංගල් උත්සවය තවත් නව වසරක් සඳහා සූර්යය භ‍්‍රමණයේ ආරම්භය සනිටුහන් කරයි. දමිළ, හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සුර්යයාට පුජා කිරීම සුර්ය මංගල දිනයේ දී කරනු ලැබේ. පාරම්පරිකව අස්වැන්න නෙලන අවස්තාවේ දී සමරනු ලබන මෙම උත්සවය සෞභාග්‍යය සහ ස්තූති කිරීම හා බැදී පවතී. මෙහිදී තම අස්වැන්න සරු වීමට උපකාර කළ වර්ෂාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කරනු ලැබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සංවිධානය කළ තෛයිපොංගල් උත්සවය මණ්ඩලීය ප‍්‍රධාන කාර්යාලයේදී 2025 ජනවාරි 20 දින පැවැත්විණ. මෙම අවස්ථාවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු දීප්ති යූ සුමනසේකර, සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ටී. භාරතීදාසන්, මණ්ඩලීය නිළධාරීන් හා කාර්යය මණ්ඩලය සහභාගී විය.