ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහණයක් ජීවත්වන ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හා මහර, මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ග්‍රාම නිලධාරී වසම් 443ක් ආවරණය වන ලෙස එහි ජනතාවට පානීය ජල සැපයීම සපුරාලීම සඳහා මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක විය. මුළු ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 225.5කි. මහජන චීන සමූහාණ්ඩුවේ චීන සංවර්ධන බැංකුවේ ණය ආධාර සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය සහයෝගීතාවය මත ක්‍රියාත්මක කරන නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙම ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරුණි.
ප්‍රදේශයේ ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් ඉහළ නැංවීමත්, අඩු පීඩනයක් සහිතව ලබාදුන් පානීය ජලය ලබා ගන්නා තදාසන්න ප්‍රදේශවල ජනතාව සඳහා ආරක්ෂිතව හා ප්රමාණත්ව පානීය ජලය ලබා දීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක කල මෙම ජල ව්‍යාපෘතිය 2025.09.18 වන දින ජනතා අයිතියට පත් කිරීම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අමාත්‍යතුමාගේත් ශ්‍රී ලංකා චීන තානාපති ගරු චී ජන්හොන්ග් මැතිතුමා හා නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බස්නාගොඩ ජලාශ පරිශ්‍රයේදී සිදු විය.
මෙම අවස්ථාව සඳහා නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටි.බි. සරත්, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන්තිලක ජයකොඩි, උපුල් අබයවික්‍රම, නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.එම්. නයිමුදීන්, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර, සාමාන්‍යාධිකාරි ඉංජිනේරු ටි. බාරදිදාසන් ඇතුළු උසස් නිලධාරීන්ද ප්‍රදේශයේ ජනතාවද සහභාගී විය.