1939 Hotline

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කරයි.

  1. Home
  2. /
  3. පුවත්
  4. /
  5. නිවාස, ඉදිකිරීම් සහ ජල...

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කරයි.

ජනාධිපතිතුමා විසින් පසුගිය දා සිදුකරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නිවාස, ඉදිකිරිම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතා පත් කළ අතර එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ටී.බි. සරත් මහතා පත්කරන ලදි.

එම අමාත්‍යවරුන් බත්තරමුල්ල පිහිටි නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ දී 2025.10.15 වන දින රාජකාරී ආරම්භ කළේය.

මෙම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත මහතා සහ අමාත්‍යංශයට අනුබද්ධ සියලුම ආයතනයන්හි ජේෂ්ඨ නිලධාරීන්හු සහභාගී විය.