ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාර්ෂික කාර්ය සාධන සමාලෝචන රැස්වීමේදී මහා භණ්ඩාගාරය විසින් පෙන්වා දුන් පරිදි මණ්ඩලය 2023 වර්ෂයේ ශුද්ධ ලාභයක් උපයාගෙන ඇත.
කිසියම් රාජ්‍ය ව්‍යාපාරයක් සේවාවක් පවත්වාගෙන යාමේදී එම සේවාව ප්‍රශස්ත ලෙස සිදු කරමින් කිසියම් ශුද්ධ ලාභයක් උපයන්නේ නම් එමගින් රාජ්‍ය ආයෝජන ප්‍රතිලාභයක් ලෙස මහා භාණ්ඩාගාරය වෙත කොටසක් ලබාදිය යුතුය. එහෙත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ගෙවීගිය පනස් වසරක ඉතිහාසය තුළ එවැනි රාජ්‍ය ආයෝජන ප්‍රතිලාභයක් රජයට ලබා දී නොමැත. ඇතැම් අවස්ථාවන්හි මණ්ඩලය ශුද්ධ ලාබයක් ලැබුවද විවිධ ප්‍රයෝගික ගැටලු නිසා එවැන්නක් සිදු කිරීමට නොහැකි වී ඇත. නමුත් 2023 වර්ෂයේ උපයා ගත් ශුද්ධ ලාභයෙන් රාජ්‍ය ආයෝජන ප්‍රතිලාභයක් මෙසේ ලබාදීමට හැකි වී තිබෙන්නේ රජය විසින් හඳුන්වා දුන් ජල ගාස්තු පිළිබඳ මිල සූත්‍රය නිසාය. එයට අනුව පාඩු නොලබා ජල සම්පාදනය සිදු කරමින් ජල බිල ක්‍රමවත්ව පවත්වාගෙන යාමට හැකිවී ඇත.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීමේ ජාතික වගකීම ඉටු කරමින් රාජ්‍ය ආයෝජනයට මැදිහත් වී තවත් ජාතික වගකීමක් මෙසේ ඉටු කරන්නට හැකි වීම පිළිබඳව පනස් වසරක් සම්පූර්ණ වන මේ මොහොතේ රාජ්‍ය ආයතනයක් ලෙස ලබාගත් විශිෂ්ට ප්‍රගතියක් ලෙස හැඳින්විය හැක. මෙහි දැක්වෙන්නේ රුපියල් මිලියන 200 ක් වූ එම මුදල මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා වෙත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු දීප්ති යූ. සුමනසේකර මහතා විසින් 2025.05.27 වන දින රාජ්‍ය භාණ්ඩාගාර පරිශ්‍රයේදී ලබා දෙන අයුරුය. මෙම අවස්ථාවට මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ටී. බාරදිදාසන් මහතා, අතිරේක සාමාන්‍යාධිකාරී (මුදල්) සරත් වීරසේන මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරී අනුර කුමාරසේන යන මහත්වරු ද සහභාගි විය.