1939 Hotline

“දොරින් – දොරට රන් දියවර” වැඩසටහනින් අනුරාධපුර හා පොළොන්නරු ප්‍රාදේශීය ජනතාවට පානීය ජලය

  1. Home
  2. /
  3. පුවත්
  4. /
  5. “දොරින් – දොරට රන්...

“දොරින් – දොරට රන් දියවර” වැඩසටහනින් අනුරාධපුර හා පොළොන්නරු ප්‍රාදේශීය ජනතාවට පානීය ජලය

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් පාරිභෝගික ප්‍රජාවට සුවිශේෂ සහන සලසා දෙමින් නව ජල සම්බන්ධතා කඩිනමින් ලබා දීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් “දොරින් – දොරට රන් දියවර” මැයෙන් ක්‍රියාත්මක කරනු ලබයි. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ගරු ජීවන් තොණ්ඩමන් මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මැතිතුමාගේ අධීක්ෂණයෙන් සිදුවන අතර මෙම වැඩසටහනට සමගාමීව අනුරධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්කවලට පානීය ජලය ලබාදීම බෙල්ලන්කඩවල, දෙමුන්නෑව, වායා උල්පත ජල සම්පාදන ක්‍රමය ජනතා අයිතියට පැවරීමෙන් ආරම්භ විය.

මෙම සුවිශේෂී අවස්ථාවට ක්‍රීඩා සහ යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු ෂෙහාන් සේමසිංහ මැතිතුමන් ඇතුළු මහජන නියෝජිතයින්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වැඩ බලන සභාපති සංජීව විජේකෝන් මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වානිජ) පියල් පද්මනාත ඇතුළු මණ්ඩලයේ නිලධාරීන්, වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂක හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගි විය.

මෙම දිස්ත්‍රික්කවල “දොරින් – දොරට රන් දියවර” සංවිධානය කරනු ලබන්නේ අතිරේක සාමාන්‍යාධිකාරි (උතුරු නැගෙනහිර) ටී. භාරතිදාසන් මැතිතුමා ඇතුළු උතුරු මැද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පද්මා ගුණවර්ධන මහත්මිය සහ සහකාර සාමාන්‍යාධිකාරි ඩී. එස්. රත්නායක යන මහත්වරුන් විසිනි.