1939 Hotline
  1. Home
  2. /
  3. ප්‍රධාන අංශය
  4. /
  5. අභ්‍යන්තර විගණන අංශය

මූල්‍ය රෙගුලාසි 134 අනුව අභ්‍යන්තර විගණන අංශය මණ්ඩලයේ සභාපතිතුමාට ඍජුව වගකිව යුතු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අභ්‍යන්තර විගණන) යටතේ ක්‍රියාත්මක වේ. එය තාක්ෂණික විගණන සහ තාක්ෂණික නොවන යන ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. ප්‍රධාන ඉංජිනේරුවරයෙකු, සිවිල් ඉංජිනේරුවන් දෙදෙනෙකු, ප්‍රධාන අභ්‍යන්තර විගණකවරුන් හත් දෙනෙකු සහ අභ්‍යන්තර විගණකවරුන් දහනව දෙනෙකු ඇතුළුව 128 දෙනෙකුගෙන් යුත් අනුමත කාර්ය මණ්ඩලයක් සහිතව අභ්‍යන්තර විගණන අංශය ක්‍රියාත්මක වේ.

විෂය පථය
ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය කාර්යාල හා ව්‍යාපෘතිවල විගණන ක්‍රියාකාරකම් පැවැත්වීම අභ්‍යන්තර විගණන අංශයේ විෂය පථයට අයත් වේ. විගණන සහ කළමනාකරණ කමිටුවේදී විගණනයට තුඩුදුන් ප්‍රධාන ගැටළු සාකච්ඡා කරනු ලබන අතර, ඒවා සුදුසු පරිදි ක්‍රියාමාර්ග ගැනීම සදහා අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරයි. අභ්‍යන්තර විගණන අංශය විසින් වංචා සහ වරදි වළක්වා ගැනීම, අනාවරණය කර ගැනීම සහ විසඳීම සඳහා වන වගකීම ඉටු කිරීම සඳහා අවදානම් මත පදනම් වූ විගණන ක්‍රියාකාරකම් සිදු කරයි. අභ්‍යන්තර පාලන පද්ධතියේ සඵලතාවය අඛණ්ඩව අධීක්ෂණය කිරීම මෙහි ප්‍රධාන කාර්යභාරය වේ.

දැක්ම
අපගේ ආයතනය තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමට සහ අවංකභාවය සහ අභිමානය ප්‍රවර්ධනය කිරීමට වෘත්තීය සහ සදාචාරාත්මක ප්‍රමිතීන්ට අනුකූලව අපි අපගේ රාජකාරිය තුළ නායකත්ව සහ විශේෂඥතාව ගොඩනැගීම තුලින් ආයතනයට උපකාර කිරීම.

මෙහෙවර
මණ්ඩලයේ ජල පිරිපහදු මධ්‍යස්ථාන නඩත්තු කිරීම්, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල නඩත්තු කිරීම්, මූල්‍ය මෙහෙයුම්, තොරතුරු තාක්ෂණය සහ සාමාන්‍ය පරිපාලනය ආදී කටයුතු වල කාර්යක්ෂමතාව ඇති කිරීම සහ වැඩිදියුණු කිරීම් සඳහා ස්වාධීන, අපක්ෂපාතී සහතික කිරීමේ උපදේශන සේවාවන් සැපයීම.

ඉලක්කය
අවදානම් කළමනාකරණය, තත්ත්ව පාලනය සහ යහපාලන යන ක්‍රියාවලීන්හි සඵලතාවය ඇගයීම සහ වැඩිදියුණු කිරීම සඳහා ක්‍රමානුකූල, විනයගරුක ප්‍රවේශයක් තුලින් මණ්ඩලයේ දැක්ම සහ මෙහෙවර ඉටුකර ගැනීමට සහාය වීම.

ඇමතුම් විස්තර

Internal Audit Section
National Water Supply & Drainage Board
Galle Road, Ratmalana
 
Tel: 011-2523149
Fax: 011-2632595
Deputy General Manager
Mr. U.J. Samarasinghe
 
Tel: 011-2523149
Fax: 011-2632595
Email: dgmia@waterboard.lk